Social Icons

facebookrss feedemailtwitter

Tuesday, May 15, 2018

බටහිර බෙංගාලයේ මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියාවලින් 5 මරුට

ඉන්දියාවේ ප්‍රාදේශීය මැතිවරණ පැවැත්වෙන බටහිර බෙංගාලයේ ඇතිවූ ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් පස් දෙනකු මියගොස් 12 දෙනකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ. ඡන්ද දායකයින් බියගැන්වීම් හා ඡන්ද මධ්‍යස්ථානයහි සිදුකළ පහරදීම් ද ස්ථාන කිහිපයකින් වාර්තා වන බව පොලිසිය පවසයි.

ඉන්දියාවේ පාලක භාරතීය ජනතා පක්ෂය පවසන්නේ මැතිවණය කඩාකප්පල් කිරීමේ චේතනාවෙන් බටහිර බෙංගාලයේ පාලක ට්‍රිනමූල් කොංග්‍රස් පක්ෂය මෙසේ ප්‍රචණ්ඩ ක්‍රියාවල යෙදෙන බවයි. ට්‍රිනමූල් කොංග්‍රසය මෙම චෝදනා ප්‍රතික්ෂේප කරන අතර ඔවුන් පවසන්නේ සුළු සිද්ධීන් කිහිපයක් හැරුණු විට ඡන්දය සාමකාමීව පැවතුන බවයි. එසේ වුවද මැතිවරණ විශ්ලේෂකයින් පවසන්නේ මෙය බටහිර බෙංගාලයේ සිදුවූ දූෂිතම මැතිවරණය බවයි.