Social Icons

facebookrss feedemailtwitter

Thursday, May 3, 2018

චීන - ශ්‍රී ලංකා සමස්ත වෙළෙඳ ගණුදෙනුවල වර්ධනයක්

චීන - ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳාම ඔස්සේ රටවල් දෙකටම ඉහළ ප්‍රතිලාභ භුක්ති විඳීමට හැකියාවක් පවතින බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.

ඔහු පෙන්වා දුන්නේ පසුගිය වසරේ ශ්‍රී ලංකා - චීන සමස්ත වෙළෙඳ ගණුදෙනුවල වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 4.6 ක් වූ බවයි. එය පෙර වසර සමඟ සසඳන විට සියයට 3% ක වැඩි වීමක් බව අමාත්‍යවරයා සඳහන් කළේය. අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා මේ බව පැවසුවේ චීන වෙළෙඳ නියෝජිත  පිරිසක්  සමඟ අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවකදීය.