Social Icons

facebookrss feedemailtwitter

Saturday, May 19, 2018

ලෝක සෞඛ්‍ය සංවිධානයේ හදිසි හමුවක්

ලෝක සෞඛ්‍ය සංවිධානය හදිසි රැස්වීමක් කැඳවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

කොන්ගෝහි ව්‍යාප්ත වෙමින් පවතින ඉබෝලා වෛරසය සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කෙරෙනු ඇති බව සඳහන්. මහජන සෞඛ්‍ය හදිසි තත්ත්වයක් ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් ද අදාළ රැස්වීමේ දී අවධානය යොමු කෙරෙන බවයි වාර්තා වන්නේ. කොන්ගෝ ඉබෝලා වෛරසය පුද්ගලයන් 44 දෙනෙකුට ආසාධනය වී ඇති අතර වෛරසය වැළඳුනු රෝගීන් 23 දෙනෙකු මේ වන විට මියගොස් තිබේ.