Social Icons

facebookrss feedemailtwitter

Saturday, May 19, 2018

මැලේසියාවේ හිටපු අගමැතිගේ නිවසෙන් සොයා ගත් ඇසුරුම්වලින් ශ්‍රී ලංකා මුදල් ද හමුවේ

හිටපු මැලේසියානු අගමැති නජීබ් රසාක්ගේ නිවසේ තිබී පොලිස් භාරයට ගනු ලැබූ විදෙස් මුදල් තොගය සමග මෙරට මුදල් තොගයක් ද සොයා ගෙන තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ ශ්‍රී ලංකා රුපියල් මිලියන 2.87 ක මුදලක් එලෙස සොයා ගෙන ඇති බවයි. නජාබ් රසාක්ගේ සුභෝපභෝගී නිවසේ තිබී විශාල මුදල් තොගයක් සහ භාණ්ඩ රැසක් හදිසි පොලිස් මෙහෙයුමකදී සොයා ගනු ලැබීය.