Social Icons

facebookrss feedemailtwitter

Tuesday, May 8, 2018

මැතිවරණ රැළියකදී පාකිස්ථාන අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයාට වෙඩි ප්‍රහාරයක්

පාකිස්ථානයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍ය අස්සාන් ඉක්බාල්ට වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබේ. මධ්‍යම පන්ජාබ් ප්‍රාන්තයේ පැවති මැතිවරණ රැළියක් අතරතුර ඔහුට මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

වෙඩි තැබීම සිදුකළ අබීඞ් හුසේන් නැමති 21 හැවිරිදි සැකකරු මේ වනවිට පාකිස්ථාන ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගෙන ඇත. පාකිස්ථාන මහ මැතිවරණය එළඹෙන ජූනි 15 වැනි දින පැවැත්වීමට නියමිතයි. ඔහුගේ තත්ත්වය දැන් යහපත් බව පැවසේ.