Social Icons

facebookrss feedemailtwitter

Sunday, May 13, 2018

කුවේට් අන්තර්ජාතික ගුවන්තොටුපලට වර්ෂාවෙන් බාධා

කුවේට් අන්තර්ජාතික ගුවන්තොටුපලේ ගුවන් ධාවන පථය වර්ෂාව නිසා ජලයෙන් යටවීමේ පුවතක් වාර්තා වේ.

ඒ පිළිබදව සොයා බැලීමට විශේෂ කමිටුවක් පත් කර තිබේ. මේ නිසා කුවේට් අන්තර්ජාතික ගුවන්තොටුපලේ ගුවන්ගමන් තාවකාලිකව නවතා දැමීමට සිදු වී ඇත. අන්තර්ජාතික මට්ටමේ ගුවන්තොටුපලක වර්ෂා ජලය එකතු වීම කිසිසේත්ම අනුමත කළ නොහැකි කාරණයක් බවත්, අපහසුතාවයට පත් ගුවන්මඟීන්ට සිය කණගාටුව ප්‍රකාශ කරන බවත් එරට රජය පවසයි.