Social Icons

facebookrss feedemailtwitter

Sunday, May 13, 2018

වසර කිහිපයකට පසුව ඉරාකයේ මැතිවරණයක්

අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්තවාදීන් පරාජය කිරීමෙන් පසු ඉරාකයේ පළමු පාර්ලිමේන්තු මැතිවරණය12 වැනි දින පැවැත්විය. පාර්ලිමේන්තුවේ ආසන 329 ක් වෙනුවෙන් අපේක්ෂකයෝ 7,000 කට ආසන්න පිරිසක් මෙවර මැතිවරණය සඳහා ඉදිරිපත් විය.

අයි.එස්. ත්‍රස්තවාදීන් මර්දනය කිරීමට ඉරාක රජයේ හමුදා සමත් වූයේ ඉරානය ආදී අසල්වැසි රට වලින් සහ ඇමරිකාව වැනි බටහිර රට වලින් ලැබුණු සහාය නිසාය. අමේ වනවිට යුද ගැටුම් වලින් ඇවිලී ගිය ඉරාකය යළි සෙමින් සෙමින් ගොඩ නැගෙමින් පවතී.


ෂියා සුන්නි ආදී වශයෙන් අපේක්ෂකයන් ප්‍රතිවාදීන් ලෙස මැතිවරණයට ඉදිරිපත් වු අතර කුර්දි ජන කොටස් වෙනුවෙන් කුර්දි අපේක්ෂකයන්ද තරග කළේය. ඉරාකයේ වර්තමානයේ පවතින්නේ ෂියා මුස්ලිම් රජයකි. අයි.එස්. සටන්කාමීන්ගෙන් බහුතරය ෂියා මුස්ලිම්වරුන්ය. කුර්දි සන්නද්ධ කල්ලි, ඉරාක රජය සමඟ අත්වැල් බැඳ ගනිමින් සුන්නි මුස්ලිම් අයි.එස්. ත්‍රස්තවාදීන්ට එරෙහිව සටන් වැදුනේය.