Social Icons

facebookrss feedemailtwitter

Friday, May 18, 2018

ඉරාන න්‍යෂ්ටික ගිවිසුම ආරක්ෂා කිරීමට යුරෝපා සංගමය සමඟ එක්සත් ජාතින්ගේ සංවිධානයත් එක්වේ

ඉරානය න්‍යෂ්ටික අර්බුධය පිළිබඳ සම්පූර්ණ ගිවිසුම ආරක්ෂා කිරීම සඳහා යුරෝපා සංගමය දරණ උත්සාහයට එක්සත් ජාතින්ගේ සංවිධානය මුළුමනින්ම අනුබල දෙන බව එහි මහ ලේකම් Antonio Guterres මහතා ප්‍රකාශ කරයි.

හෙතෙම මේ බව සඳහන් කළේ 16 වැනි දින යුරෝපා සංගම් මූලස්ථානයේදී එම සංගම් සභාපති Jean - Claud Juncker සහ විදේශ හා ආරක්ෂක ප්‍රතිපත්ති පිළිබඳ උසස් නියෝජිත Federica Mogherin හමුවීමෙන් පසු පැවති මාධ්‍ය හමුවේදීය.

එම ගිවිසුම අඛණ්ඩව ක්‍රියාත්මක කරන යුරෝපා සංගමය, ප්‍රංශය, ජර්මනය හා බ්‍රිතාන්‍යය එක්ව ඇමරිකාව ඉදිරියේදී යළි වරක් සම්බාධක පැණවුවහොත් ඊට මුහුණ දීම සඳහා ඉදිරි සති කිහිපය තුළ ඉරානය සමඟ පුළුල් වශයෙන් අදහස් හුවමාරු කර ගැනීමට සූදානම් වන බව Federica Mogherin මහතා සඳහන් කළේය.