Social Icons

facebookrss feedemailtwitter

Wednesday, May 16, 2018

දකුණු කොරියාව සමඟ පැවැත්වෙන සාකච්ඡා උතුරු කොරියාව අත්හිටුවීමට තීරණය කරයි

දකුණු කොරියාව සමඟ පැවැත්වෙන සාකච්ඡා අත්හිටුවීමට උතුරු කොරියාව තීරණය කර තිබේ.

ඇමෙරිකාව සමඟ දකුණු කොරියාව ඒකාබද්ධව යුධ අභ්‍යාසයක නිරතවීමට විරෝධය පළ කරමින් බදාදා පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡා අත්හිටුවා ඇති බව වාර්තා වෙයි.

උතුරු කොරියානු මාධ්‍ය වාර්තා කර ඇත්තේ අදාළ යුධ අභ්‍යාසය, ප්‍රකෝප කිරීමක් සහ ආක්‍රමණයක් සඳහා වන පෙරහුරුවක් බවයි.

ලබන මස 12 වැවි දින සිංගප්පූරුවේ දී පැවැත්වීමට නියමිත ඇමෙරිකා - උතුරු කොරියානු සාකච්ඡා සම්බන්ධයෙන් ද උතුරු කොරියාව අනතුරු අගවා තිබේ. “මැක්ස් තන්ඩර්” ලෙස හදුන්වන ඒකාබද්ධ යුධ අභ්‍යාසය සඳහා යුධ ගුවන් යානා සියයකට අධික සංඛ්‍යාවක් , ප්‍රහාරක ජෙට් යානා මෙන්ම, බී 52 වර්ගයේ බෝම්බ ඇතුළු යුධෝපකරණ භාවිත කිරීමට ඇමෙරිකාව සහ දකුණු කොරියාව සැළසුම් කර ඇති බව වාර්තා වෙයි.