Social Icons

facebookrss feedemailtwitter

Tuesday, May 8, 2018

ජල ගාස්තු ඉහළට

ජල සම්පාදන මණ්ඩලය ජල සැපයීමේ ක්‍රියාවලියේදී දරනවියදමට අනුව ජල ගාස්තු වැඩි කළ යුතුව ඇතැයි නගර සැලසුම් හා ජල සම්පාදන ඇමැති රවුෆ් හකීම් මහතා ප්‍රකාශ කළේය.

පාරිභෝගිකයන්ට ජලය සැපයීමේ ක්‍රියාවලියේදී එක් ජලය ලීටරයක් නිෂ්පාදනය කිරීම සඳහා රුපියල් 50.00 ක මුදලක් වැය කරන අතර ජලය ලීටරයක් රුපියල් 8.00 ක් වැනි මුදලකට පාරිභෝගිකයන්ට අලෙවි කිරීම නිසා ජල සම්පාදන මණ්ඩලයට විශාල පාඩුවක් සිදුවන බවද ඇමැතිවරයා සඳහන් කළේය.

එමෙන්ම ජල යෝජනා ක්‍රම ක්‍රියාත්මක කිරීම සඳහා විශාල වශයෙන් ණය ලබාගෙන තිබෙන බැවින් ණය වාරික ගෙවීමට ද විශාල මුදලක් වෙන් කිරීමට සිදුවන බව ද රවුෆ් හකීම් මහතා පැවැසීය. එම නිසා ජල ගාස්තු වැඩි කිරීම සඳහා ඉදිරියේදී කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන බව රවුෆ් හකීම් මහතා වැඩිදුරටත් පැවැසීය.