Social Icons

facebookrss feedemailtwitter

Tuesday, May 15, 2018

ඇමරිකානු තානාපති කාර්යාලය විවෘත කෙරේ

ඊශ්‍රායලයේ අගනුවර ජෙරුසලම ලෙස නිල වශයෙන් පිළිගනිමින්, ඇමරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් මැදිහත් වී, ජෙරුසලමට මාරු කළ ඇමරිකන් තානාපති කාර්යාල විවෘත කිරීම 14 වැනි දින සිදුවිය.

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙදන්යාහුගේ රජයේ අපේක්ෂාව වූයේ තානාපති කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට ඇමරිකා ජනපති ඩොනල්ඞ් ට්‍රම්ප් සහභාගී වනු ඇති බවයි. කෙසේ නමුත් ට්‍රම්ප් වෙනුවට ඒ සඳහා ඊශ්‍රායලයට පැමිණ සිටින්නේ ට්‍රම්ප් දියණිය ඉවන්කා සහ ඇගේ සැමියා මෙන්ම ට්‍රම්ප්ගේ බෑණා ද වන ජෙරාඞ් කුෂ්නර්ය. මොවුහු දෙදෙනා ට්‍රම්ප්ගේ උපදේශකවරුන් ලෙස කටයුතු කරති.