Social Icons

facebookrss feedemailtwitter

Wednesday, May 9, 2018

දකුණු දිග ජර්මනියේ දුම්රිය දෙකක් ගැටීමෙන් අනතුරක්

දකුණුදිග ජර්මනියේ භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් සහ මගී ප්‍රවාහන දුම්රියක් මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුව තිබේ. දුම්රිය අනතුරෙන් පුද්ගලයින් දෙදෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

අනතුරෙන් 14 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා. ඔවුන්ගෙන් තුන් දෙනෙකුගේ තත්ත්වය බරපතල බව වාර්තා වේ. මිය ගිය පුද්ගලයින් අතර මගී ප්‍රවාහන දුම්රියේ රියැදුරු සහ එක් මගියෙකු වේ. දුම්රිය අනතුර පිළිබඳ පරීක්‍ෂණ ආරම්භ කර තිබෙන අතර අනතරුට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තාවල වැඩිදුරටත් දැක්වේ.