Social Icons

facebookrss feedemailtwitter

Saturday, May 12, 2018

ඉරාන සමාගම් තුනකට සම්බාධක

ඉරානයේ ඉස්ලාමීය විප්ලපීය හමුදාව සමග සම්බන්ධකම් ඇති සමාගම් තුනකට සහ පුද්ගලයන් හය දෙනකුට සම්බාධක පැනැවීමට ඇමරිකාව පියවර ගෙන ඇත.

ඇමරිකාව භාණ්ඩාගාර ලේකම්වරයා, මෙම සමාගම් තුනට සහ පුද්ගලයන් සය දෙනාට සම්බාධක පැනැවූයේ ඉරාන විප්ලපීවය හමුදාව වෙනුවෙන් අරමුදල් රැස්කරන බවට චෝදනා නගමිනි. සම්බාධක පැනැවූ පුද්ලයන් සිවුදෙනාගේ අනන්‍යතාව මෙතෙක් හෙළි කර නැත. ඔවුන් ඉරාන ජාතිකයන් බව පැවැසෙයි.

ඇමරිකාව පැනැවූ එම නව සම්බාධක අනුව, මෙම සමාගම්වලට සහ පුද්ගලයන්ට ගනුදෙනු කළ නොහැකි වේ. ඇමරිකාව මෙසේ ඉරානයට සම්බාධක පැනැවීම් සිදු කරන්නේ, ඉරානය සමඟ ඇතිකරගත් න්‍යෂ්ටික ගිවිසුමෙන් ඉවත් වීමෙන් පසුවය.