Social Icons

facebookrss feedemailtwitter

Friday, May 11, 2018

සිය කැමැත්තෙන් සමුගත් විද්‍යාඥ ඬේවිඞ් ගුඩෝල්

තමන්ට මියයෑමට අවශ්‍ය බව පවසා, ඊට අවසර ඉල්ලමින්, ස්විට්සර්ලන්තයට ගොස් සිටි 104 හැවිරිදි ඕස්ටේලියානු විද්‍යාඥ ඬේවිඞ් ගුඩෝල්ට “සහන මරණයක්” ලෙස දිවි නසා ගැනීමට අවසර හිමිවිය.

ඬේවිඞ් ගුඩෝල් ට මාරක රෝගයක් නොතිබුණු නමුත්, ඔහු තරයේ කියා සිටියේ ඔහුට ජීවත් වෙන්න හේතුවක් නැති බවයි. ඒ නිසා ඔහුට මැරෙන්න අවශ්‍ය බවත්ය. ඕස්ටේලියාවේ දී එය කළ නොහැකි වුණු හෙයින් ඔහු ස්විට්සර්ලන්තය බලා ගියේ මීට දින කිහිපයකට පෙරය. ඒ, “එක්සිට් ඉන්ටර්නැෂනල්” නමැති ජාත්‍යන්තර සමාගමේ ආධාර සහ සහාය ඇතිවය.

දිවි තොර ගැනීමට විදයාඥවරයාට අවසර ලැබුණු අතර ග්‍රිනිච් වේලාවෙන් 10.30 ට “නෙම්බුටාල්” නමැති විස ශරීරගත කිරීමක් මගින් ඬේවිඞ් ගුඩෝල් දිවියෙන් සමුගත් බව “එක්සිට් ඉන්ටර්නැෂනල්” සංවිධානය පවසයි.