Social Icons

facebookrss feedemailtwitter

Tuesday, May 8, 2018

හිටපු බන්ධනාගාර කොමසාරිස් හා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ පොලිස් පරීක්ෂක යළිත් බන්ධනාගාරයට

වැලිකඩ බන්ධනාගාර සිද්ධියට අදාළව හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රංජන් ළමාහේවා සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව යන අය තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

ඔවුන් ලබන 22 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි, කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා නියෝග කර ඇත්තේ. 2012 වසරේ වැලිකඩ බන්ධනාගාරයට බලහත්කාරයෙන් ඇතුළුවී එහි රඳවා සිටි රැඳවියන් 27 දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන වලට අදාළව මොවුන් දෙදෙනා පසුගිය මාර්තු මාසයේදී අත්අඩංගුවට ගනු ලැබීය.