Social Icons

facebookrss feedemailtwitter

Wednesday, May 16, 2018

මෝදිගේ ජයග්‍රහණයෙන් ඉන්දීය කොටස් වෙළඳපොළ ඉහළට

දකුණු ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්ත මැතිවරණයෙන් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂය විශිෂ්ඨ ජයග්‍රහණයක් කරා යොමුවද්දී ඉන්දීය කොටස් වෙළදපොළ කැපී පෙනෙන ලෙස වර්ධනය වීමක් දක්නට ලැබේ.

ඒ අනුව මුම්බායි සිට ක්‍රියාත්මක “සෙනෙක්ස්” කොටස් දර්ශකය 15 වැනි දින ඒකක 400 කින් පමණ ඉහළ ගොස් ඇති අතර එය ඉතිහාසයේ ඉහළම අගය වාර්තා කිරීමට ද සමත්විය.


නවදිල්ලිය කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක “නිෆ්ටි” දර්ශකය ද 15 වැනි දින 10,900 සීමාව දක්වා වර්ධනය වී ඇත. පසුගිය දිනවල කැපී පෙනෙන ලෙස අවප්‍රමාණ වූ ඉන්දීය රුපියලේ අගය ද මේ නිසා ස්ථාවර වී ඇති අතර, ඇමරිකානු ඩොලරයක් සඳහා එහි අගය 15 වැනි දින සටහන් වූයේ රුපියල් 67යි ශත 55ක් ලෙසයි.