Social Icons

facebookrss feedemailtwitter

Tuesday, May 15, 2018

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ආරක්ෂක සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කෙරේ

ඉන්දීය යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් බිෆින් රාවට් මහතා දින 07ක නිල සංචාරක් සඳහා දිවයිනට පැමිණේ. ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින ආරක්ෂක සහයෝගීතාව තවදුරටත් වර්ධනය කිරිම සඳහා යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතාගේ ආරාධනයකට අනුව ඉන්දිය යුධ හමුදා මාණ්ඩලික ප්‍රධානීවරයාගේ සංචාරය සිදු වන බව වාර්තා වේ.

13 වැනි දින පස්වරුවේ දිවයිනට පැමිණි රාවට් මහතා බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ දී උණුසුම් අයුරින් පිළිගැණින. ඉන්දීය යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් බිෆින් රාවට් මහතා ඇතුළු දූත පිරිස සිය සංචාරය අතරවාරයේ දී ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා සහ ආරක්ෂක අංශ ප්‍රධානීන් හමුවීමට නියමිතයි.