Social Icons

facebookrss feedemailtwitter

Saturday, May 5, 2018

උෂ්ණාඅධික කාලගුණය ඉදිරි දින කිහිපයේදී

උෂ්ණාධික කාලගුණ තත්ත්වය මේ මස මැද භාගය දක්වා පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. පාරිසරික උෂ්ණත්වය ඉහළ යාම, ආර්ද්‍රතාව වැඩි වීම හා සුළගේ වේගය අඩුවීම හේතුවෙන් මෙම තත්ත්වය මතුව ඇති බව පැවසේ.

පසුගිය සති කිහිපයේ සිට දිවයිනේ ප්‍රදේශ කිහිපයක උෂ්ණත්වය සෙල්සියස් අංශක 35 – 38 ත් අතර අගයක් දක්වා ඉහළ ගොස් තිබේ. මීට සාපේක්ෂව ආර්ද්‍රතාව ද ඉහළ යාම හේතුවෙන් ජනතාවට දිවා කාලයේ දහඩිය දැමීම වැඩි වී තිබේ. මේ අතර පවතින අධික හිරු රශ්මිය හේතුවෙන් සිරුරට අහිතකර බලපෑම් එල්ලවිය හැකි බව සෞඛ්‍ය අංශ පවසයි. අධික හිරු රශ්මිය හේතුවෙන් ශරීරය විජලනය විය හැකි බව ද පැවසේ. එම නිසා අහිතකර බලපෑම් වලින් වැළකීම සඳහා දිනකට ජලය ලීටර් 3 කට ආසන්න ප්‍රමාණයක් පානය කළ යුතු බව වෛද්‍ය උපදේශය වී තිබේ.