Social Icons

facebookrss feedemailtwitter

Saturday, May 5, 2018

facebook ගැන නො ඇසූ කතා

ලොව සමාජ මාධ්‍යජාල අතරින් වැඩි වශයෙන් ජනප්‍රිය ජාලය වන්නේ ෆේස්බුක්. විවිධ රටවල මිනිසුන්ගේ ජනමත නිර්මාණ උපාංගයක් වශයෙන් මේ වන විට ෆේස්බුක් ක්‍රියාත්මක වන අවස්ථා දක්නට අහන්නට ලැබේ.

එමෙන්ම මහජන මතය වෙනස් කිරීමට දායක වූ අවස්ථා ද බොහෝයි. එමනිසා ඇතැම් කලබලකාරී අවස්ථාවල ෆේස්බුක් අවහිර කිරීමට බොහෝ රටවලට සිදු විය. පසුගිය දිනෙක ලංකාව මුහුණදුන් එම තත්වය හමුවේ මේ පිළිබදව විවිධ කතිකාවන් නිර්මාණය විය.
මුහම්මද්තුමා යනු ඉස්ලාම් ආගමේ පණිවුඩය ලොවට ගෙන ආ අවසාන පණිවුඩකරුවා ලෙස සැළකේ. ඉස්ලාම් බැතිමත්හු මුහම්මද්තුමා බොහෝ බැතිබරව අදහනු ලබයි. ඉස්ලාම් රටක් වූ පාකිස්තානයේ දී 2010 වසරේදී මුහම්මද්තුමාගේ නොගැළපෙන සේයාරුවක් කාටුනයක් මගින් ෆේස්බුක් හරහා හුවමාරු විය. මේ සමග එවකට සිටි රජය මැදිහත් වී ෆේස්බුක් තාවකාලිකව තහනම් කිරීමට කටයුතු කරන ලදී. මේ අතර 2017 වසරේදී ඉස්ලාමාබාද් නුවර මැතිවරණ කොමිසම ද ෆේස්බුක් තාවකාලිකව තහනම් කර ඇත.

2009 වර්ෂයේදී චීනයේ සින්ජියාන් පළාතේ ඇති වූ දේශපාලනික නැගිටීම් හා ප්‍රකෝපකාරී හැසිරීම පාලනයට කෝටි 137 ක පමණ ලොව විශාලතම ජනගහනය සහිත රට තුළ ෆේස්බුක් තහනම් කරන ලදී. ඒ වෙනුවට තම රට තුළ “වී චැට්” නම් තමන් විසින් නිතර පරීක්ෂා කරන මෘදුකාංගය හදුන්වා දීමට චීනයට හැකි විය. මෙම සිදුවීම් හී අවසන් ප්‍රතිපලය වූයේ ෆේස්බුක් හි වැඩිම භාවිත කරන්නන් පිරිසක් සිටින ආසියානු රට බවට ඉන්දියාව පත්වීමය. 2018 දී ඇමරිකාවේ ෆේස්බුක් භාවිත කරන්නන් ප්‍රමාණයට වඩා ඉන්දියානු භාවිත කරන්නන් ප්‍රමාණය ඉහළ ගොස් ඇත.

වාර්තා වන අන්දමට ඉන්දියාවෙන් පමණක් ෆේස්බුක් හා මිලියන 250කට ආසන්න ජනතාවක් දෛනිකව සම්බන්ධ ව සිටී.

උතුරු කොරියාව ඒකාධිපති පාලනයක් පවතින රටක් වශයෙන් හදුන්වන අතර එහි නායකයාගේ පාලන තන්ත්‍රයට පිටින් මහජනයාට කිසිවක් කළ නොහැකිය. මහජනයා රාජ්‍ය මාධ්‍ය පමණක් භාවිත කළ යුතුය යන්න එරට නීතිය බව නොරහසකි.  කිම් ජොන් අන් යනු යුරෝපයේ ඉගෙන ගත් වයස විසි ගණන් වලදීම අසහාය පාලකයා බවට පත් වූ තරුණ නායකයෙකි. නමුත් ඔහු සිය ජනතාවට සමාජ ජාල භාවිත කිරීමට කිසිදු ඉඩක් ලබා නොදුන් කිම් ඔහු විසින් ජනයාගේ තොරතුරු දැන ගැනීමේ අයිතින් කප්පාදු කර තිබේ. මේ නිසා උතුරු කොරියාව තුළ ද facebook භාවිත වන්නේ නැත.

කියුබාව යනු ඇමරිකාව ආසන්නයේ පවතින රටකි. දිගු කලක් සමාජවාදී අදහස් මත ඒකාධිපති පාලන තන්ත්‍රයක් හරහා පාලනය වන රටක් වන නිසා ෆේස්බුක් යෑමට ජනයාට පැයකට ඇමරිකානු ඩොලර් 08 ක් පමණ වියදම් කිරීමට සිදුවන බව පැවසේ. එරට ජනතාවට ලැබෙන මාසික වැටුප ඩොලර් 20 කට ආසන්න වේ. සියල්ල එසේ වුවද කියුබානු ජනතාවට ඉන් ලැබෙන්නේ ඉතාමත් අවම වේගයෙන් යුත් අන්තර්ජාල පහසුවකි.


ආගමික සංස්ථාවකින් පැමිණි අයතුල්ලා අල් කමේනි නායක වන්නට පෙර ඉරානයද ලොව අනෙක් රටවල් මෙන්ම සාමාන්‍ය රටක් ලෙස පැවතින. නමුත් ඉතා දැඩි මතධාරි පාලනය සියල්ල වෙනස් කර තිබේ. 2009 මැතිවරණයේදී එරට විපක්ෂය ෆේස්බුක් හරහා සංවිධානය වනු දුටු ඉරාන පාලක පක්ෂය ෆේස්බුක් තහනම් කර ඇති බව පැවසේ.


බංග්ලාදේශය, වියට්නාමය, ඊජිප්තුව, සිරියාව ආදි රටවල ද අද වන විට ෆේස්බුක් තහනම්ය. ෆේස්බුක් තහනම් වුව ද ප්‍රොක්සි සේවාවන් සහ වෙනත් ජාලගත යෙදවුම් හරහා ෆේස්බුක් වෙනත් රටක සිටින ලෙස හැසිරවිය හැකියි. නමුත් එය නීති විරෝධී ක්‍රියාවකි.