Social Icons

facebookrss feedemailtwitter

Tuesday, May 15, 2018

අල්කයිඩා නායකයාගෙන් ඊශ්‍රායලයට අනතුරු ඇඟවීමක්

ඇමරිකාවේ තානාපති කාර්යාලයක් ජෙරුසිලමේ විවෘත කිරීම සම්බන්ධයෙන් විරෝධය දක්වමින් අල්කයිඩා ත්‍රස්ත නායක අයිමාන් අල් සවාරී ඊශ්‍රායලය වෙත අනතුරු ඇඟවීමක් කර ඇත.

ඇමරිකාව විසින් ඊශ්‍රායලයේ අගනුවර ජෙරුසිලම ලෙස නම් කිරීම සහ එහි තානාපති කාර්යාලයක් ස්ථාපිත කිරීම සැකසහිත කරුණක් බවටයි අල්කයිඩා ත්‍රස්ත නායකයා පෙන්වා දී ඇත්තේ. වීඩියෝ පටයක් මගින් ඔහු මෙම අදහස් පල කර ඇති අතර ජෙරුසිලම පමණක් නොව ඊශ්‍රායලයට අයත් ටෙල්අවීව් නුවර ද මුස්ලිම්වරුන්ට අයත් බවයි අයිමාන් අල් සවාරී තවදුරටත් ප්‍රකාශ කර තිබේ.