Social Icons

facebookrss feedemailtwitter

Tuesday, May 15, 2018

ඡන්ද හිමියන් ලියාපදිංචි කිරීමේ අකෘති පත්‍ර බෙදාහැරීම අරඹයි

ඡන්ද හිමියන් ලියාපදිංචි කිරීමට අදාළ බී.සී ආකෘති පත්‍ර බෙදාහැරීමේ කටයුතු අද  දින (15) සිට ආරම්භ කිරීමට නියමිතව තිබේ. ග්‍රාම නිලධාරිවරුන් විසින් අදාළ ආකෘති පත්‍ර බෙදාහරීම් කටයුතු සිදු කරන බවයි මැතිවරණ මහ ලේකම් කාර්යාලය සඳහන් කළේය.

මෙම බී.සී ආකෘති පත්‍රය හැකි ඉක්මනින් පුරවා යළිත් ග්‍රාම නිළධාරිවරුන් වෙත භාරදිමට කටයුතු කරන ලෙස මැතිවරණ මහ ලේකම් කාර්යාලය ඉල්ලීමක් කරයි. සියලු‍ ආකෘති පත්‍ර මැතිවරණ ලේකම් කාර්යාලය වෙත යැවිමෙන් අනතුරුව අභියාචනා සඳහා කාලය ලබාදීමට නියමිතයි.

ඒ අනුව මෙම ඡන්දහිමි නාමලේඛන මැතිවරණ මහ ලේකම් කාර්යාලය, ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ ග්‍රාම නිළධාරි  කාර්යාල ඇතුළු ස්ථාන කිහිපයක ප්‍රදර්ශනය කෙරෙනු ඇති. සැප්තැම්බර් මස 30 වන දින පමණ වන විට මෙම ඡන්ද හිමි නාමලේඛනයට මැතිවරණ කොමිසමේ සභාපතිවරයා විසින් අත්සන් තැබීමට නියමිතව ඇත.