Social Icons

facebookrss feedemailtwitter

Tuesday, May 1, 2018

ඉරාන පාපන්දු ලෝලීන් පිළිබද අපූරු කතාවක්

පිරිමින් ලෙස සැරසෙමින් පාපන්දු තරගයක් නැරැඹීට ගිය තරුණියන් පස් දෙනකු සම්බන්ධ පුවතක් ඉරානයෙන් වාර්තා වේ. ඉරානය යනු දැඩි ඉස්ලාමීය නීතිරීති පවත්වාගෙන යන රටකි.

ඉරාන විප්ලවයෙන් පසු එරට බොහෝ නීතිරීති වෙනස් වූ අතර කාන්තාවන්ට පාපන්දු තරගවලට සහභාගීවීම හෝ ඒවා නැරැඹීට පැමිණීම තහනම් කරන ලදි. ඒ අනුව විප්ලවය සිදු වූ 1979 වසරේ සිට එම තහනම ක්‍රියාත්මක වේ.

මෙම තරුණියන් පස්දෙනා එම තහනම නොතකා තෙහ්රානයේ අසාදි පාපන්දු ක්‍රීඩාංගනය පැමිණ තිබෙන අතර ඔවුන් පිරිමි ඇඳුමින් සහ බොරු රැවුල් හා කොණ්ඩා වලින් සැරැසී සිටින අයුරු දක්වෙන ඡායාරූප පෙළක් වෙබ් අඩවිය ප්‍රසිද්ධියට පත් කර තිබිණි. මෙම තරුණියන් රැඳවුම් භාරයේ සිටින බව පැවසේ.