Social Icons

facebookrss feedemailtwitter

Friday, May 11, 2018

ඉරාන න්‍යෂ්ටික ගිවිසුම රැකගැනීමට බටහිර රටවල් දැඩි උත්සාහයක

තමා ඉරාන න්‍යෂ්ටික ගිවිසුමෙන් ඉවත්වන බව ඇමරිකාව කියා සිටියදී එහි දිගටම රැඳී සිටින්නට අනෙකුත් බටහිර බලවත් රටවල් උත්සාහ කරමින් සිටිති. ඉතිරි රටවල් සමග තමා කටයුතු කරන නිසා ඊට බාධා වන යමක් නොකරන ලෙස ජර්මනිය, ප්‍රංශය හා බ්‍රිතාන්‍යය ඇමරිකාවෙන් ඉල්ලා තිබේ.

2015 මෙම ගිවිසුමේ අනෙකුත් පාර්ශ්වකරුවන් වන රුසියාව හා චීනය ද තමා දිගටම ගිවිසුමේ රැඳී සිටින බව පවසා තිබේ. ඉරානය පවසන්නේ ඇමරිකාවේ සහයෝගයෙන් තොරව මෙම ගිවිසුම පවත්වාගෙන යාමට තමා කටයුතු කරන බවය. මෙම ගිවිසුම පවත්වාගෙන යාමට තම රජයන් බැඳී සිටින බවද, ඉතිරිව සිටින කොටස් සමග එය ඉදිරියටම ගෙනයන බව ද ජර්මනිය, ප්‍රංශය හා බ්‍රිතාන්‍යය පොදු ප්‍රකාශයක් නිකුත් කර ඇත.