Social Icons

facebookrss feedemailtwitter

Friday, May 4, 2018

වායු දුෂණය ඉහළට

වායු දූෂණය හේතුවෙන් ලොව පුරා මිලියන 7කට වැඩි පිරිසක් සෑම වසරකදීම මියයන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. ඉන් වැඩි පිරිසක් ආසියා සහ අප්‍රිකා රට වලට අයත් ජනතාව බවයි, නවතම වාර්තාවක් පෙන්වා දෙන්නේ.

ලෝකයේ පුද්ගලයින් 10 දෙනෙකුගෙන් 9 දෙනෙක් අපිරිසිදු වාතය ආශ්වාස කරන අතර, වායු දූෂණය නිසා හෘද රෝග, පෙනහළු පිළිකා ඇතුළු රෝගවලට ගොදුරුවීමේ ප්‍රවණතාව ඉහළ ගොස් ඇත. එමෙන්ම ගෘහස්ථ වායු දූෂණය ඉහළ යාම හේතුවෙන් කාන්තාවන් මෙන්ම කුඩා දරුවන් ද අවදානමකට ලක්ව ඇති බව පැවසේ.


ලොව වායු දූෂණය වැඩිම නගර 20 න් 14 ක්ම සතුවන්නේ ඉන්දියාවේ බව ලෝක සෞඛ්‍ය සංවිධානය සදහන් කර ඇත. එම වාර්තාවට අනූව ලොව වායු දූෂණය වැඩිම නගරය වන්නේ, ඉන්දියාවේ කාන්පූර් නගරයයි.


වායුවේ පවතින අංශු ඝනත්වය පී එම් 2.5 අනූව එහි වායු දූෂණය කියුබික් මීටරයකට අංශු මයික්‍රොග්‍රෑම් 173ක ප්‍රමාණයක් බව පැවසේ. කාන්පූර් නගරය පිහිටා ඇත්තේ, ඉන්දියාවේ උත්තර් ප්‍රදේශයේය. වැඩිම වායු දූෂණයක් සිදුවන ස්ථාන අතරට ඉන්දියාවේ ෆරිදාබාද්, වරානාසි, ගයා, දිල්ලි අගනුවර ඇතුළු තවත් නගර කිහිපයක් ද ඇතුළත් වේ.