Social Icons

facebookrss feedemailtwitter

Thursday, May 10, 2018

විදේශ රාජ්‍යයන්ගෙන් ලබාදෙන මූල්‍ය ප්‍රදානයන් හී වැඩිවීමක්

පොලී මුදලක් හෝ නැවත අයකර ගැනීමක් හෝ නොමැතිව විදේශ රාජ්‍යයන්ගෙන් ලබාදෙන ප්‍රදානයන් වැඩි වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කරයි. වසර 2016 දී විදේශීය බහුපාර්ශ්වික ආධාරකරුවන්ගෙන් සහ ද්විපාර්ශ්වික ආධාරකරුවන්ගෙන් ලබාදෙන මුළු විදේශ ප්‍රදානවල වැඩිවීමක් දක්නට ලැබෙන බව ද මහ බැංකුව පවසයි.

වසර 2017 දී රුපියල් කෝටි 800 ක මුදලක් අප රටට ප්‍රදානයන් ලෙස ලැබී තිබේ. බහුපාර්ශ්වික ආධාරකරුවන් සහ ද්විපාර්ශ්වික ආධාරකරුවන්ගෙන් වසර 2016 දී ලැබුණු මුළු විදේශීය ප්‍රදානයන් ගණන රුපියල් බිලියන 7.5 කි. එම මුදල වසර 2017 දී රුපියල් බිලියන 8.0 ක් දක්වා වැඩි වී ඇතැයි මහ බැංකුව පවසයි.