උතුරු කොරියාවට මෙතෙක් පැනවූ විශාලතම සම්බාධකය පැනවීමට අමෙරිකාව සූදානම් වන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
උතුරු කොරියාවට අදාළ නෞකා ඇතුළු නාවික ප්‍රවාහන ආයතන 50කට අධික ප්‍රමාණයක් සඳහා මෙලෙස සම්බාධක පැනවෙනු ඇති බව ට්‍රම්ප් පවසා ඇත. එහීදී චීනය හා තායිවානයටද එම සම්බාධක වලින් බලපෑම් එල්ල වනු ඇති බවට ද ට්‍රම්ප් පවසා ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය.
Thursday, March 8, 2018
තාවකාලික සැළසුම් ක්‍රියාත්මක කිරීමට විරුද්ධ බව පලස්තීනය අවධාරණය කරයි
පලස්තීන අර්බුදය විසඳා ගැනීමට තාවකාලික සැළසුම් ක්‍රියාත්මක කිරීම කෙරෙහි පලස්තීනය විරෝධය පළ කරයි. පලස්තීන ජනාධිපති Mahmoud Abbas මහතා ප්‍රමුඛ පලස්තීන විමුක්ති සංවිධානයේ විධායක කමිටුව එරටේ Ramallah නගරයේදී රැස්වීමක් පැවැත්වීය. ඉන් අනතුරුව, නිවේදනයක් නිකුත් කර තිබේ.
ඇමරිකාව උතුරු කොරියාවට එරෙහිව සම්බාධක පැනවීමේ සූදානමක්
උතුරු කොරියාවට එරෙහිව නව සම්බාධක පනවන බව ඇමරිකානු රාජ්‍ය මණ්ඩලයේ ප්‍රකාශක Heather Nauert මහතා සදහන් කරයි. පසුගිය වසරේ පෙබරවාරි මාසයේ 13 වැනි දා උතුරු කොරියානු ජාතිකයෙකු මැලෙසියාවේ Kuala Lumpur ජාත්‍යන්තර ගුවන් තොටුපලේදී රසායනික අවියකින් ඝාතනය කරනු ලැබූ බව ඇමරිකාව ප්‍රකාශ කර ඇත.
මහනුවර සිදුවීම පිළිබද ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්
මහනුවර දිස්ත්‍රික්කයේ මතුව ඇති තත්ත්වය පිළිබඳව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර ජනාධිපති මන්දිරයේදී විශේෂ සාකච්ඡාවක් සිදු කෙරේ. මල්වතු - අස්ගිරි උභය පාර්ශව නියෝජනය කරමින් අනුනායක ස්වාමීන් වහන්සේලා ප්‍රමුඛ මහා සංඝරත්නනය සහ මුස්ලිම් මවුලවිතුමන්ලා ඇතුළු අන්‍යාගමික නායකයින්, මැති ඇමතිවරුන් සහ ආරක්ෂක අංශ සාමාජිකයින් මෙම සාකච්ඡාවට එක්ව සිටියේය.
චීනයේ විදේශ විනිමය සංචිතය ඇමෙරිකානු ඩොලර් ට්‍රිලියන 3 ඉක්මවයි
පසුගිය පෙබරවාරි මාසය වන විට චීනයේ විදේශ විනිමය සංචිතය ඇමෙරිකානු ඩොලර් බිලියන 3134.5 ක් බව චීන මහජන බැංකුව නිකුත් කළ සංඛ්‍යා ලේඛනයක සඳහන් වේ. පසුගිය ජනවාරි මාසයට සාපේක්ෂව එය 0.85% කින් පහළ ගොස් තිබුණ ද චීනයේ විදේශ විනිමය සංචිතයේ සැබෑ වටිනාකම වෙනස් වී නැතැයි මූල්‍ය විශේෂඥයෝ පවසති.
නීතිය හා සාමයට නව ඇමතිවරයෙක් පත්කෙරේ.
නීතිය හා සාමය පිළිබඳ කැබිනට් අමාත්‍යවරයා ලෙස රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා පත් කෙරේ. ජනාධිපති නිල නිවසේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ මෙම දිවුරුම් දීම සිදුවු බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.
රුසියානු ගුවන් යානයක් සිරියාවේදී අනතුරට
රුසියානු භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් සිරියාවේදී අනතුරට ලක් වීමෙන් පුද්ගලයින් 39 දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබේ. රුසියානු ආරක්ෂක අමාත්‍යංශය පවසා ඇත්තේ, අනතුර සිදුවන අවස්ථාවේ එහි මගීන් 33 දෙනෙකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 6 දෙනෙකු සිටි බවය. යානය සිරියාවේ Hmeymim ගුවන් කඳවුරට ගොඩබාන අතරතුර එය කඩා වැටීමෙන් අනතුර සිදුව තිබේ.
පැය 24 පුරා ක්‍රියාත්මක සේවා මධ්‍යස්ථානයක්
මතුවූ නොසන්සුන්කාරී තත්ත්වය හමුවේ පැය 24 පුරා ක්‍රියාත්මක සේවා මධ්‍යස්ථානයක් පිහිටුවීමට රජය පියවර ගනී. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පෙන්වාදෙන්නේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයේ මෙම සේවා මධ්‍යස්ථානය පිහිටුවා ඇති බවය.
ඉතාලියේ මහ මැතිවරණය අවසන්
දැඩි අර්බුදකාරී වාතාවරණයක පවතින ඉතාලියේ දෙදිනක් පුරා පැවැති මහ මැතිවරණය 05 වැනිදා අවසන් විය. කිසිදු පක්ෂයක් බහුතරයක් දිනා ගැනීමට අපොහොසත් වනු ඇති බව මේ දක්වා ලැබී ඇති වාර්තා වන තොරතුරු පෙන්නුම් කරයි.
සිංහයින් කඩුලු 5කින් ජය ගනී
නිදහස් කුසලාන තුන්කොන් 20 යි 20 තරගාවලියේ ඉන්දියාව සමඟ පැවති තරගයෙන් කඩුලු 5ක ජයක් ලබාගැනීමට ශ්‍රී ලංකාව සමත්වුණි. කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවති තරගයේ කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකාවේ ආරාධනය මත පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දියාව නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 174ක් රැස් කළේය. වේගවත් පිතිහරඹයක නිරතවූ ශිකර් ධවාන් ලකුණු 90 ක් ලබාගත්තේ පන්දු 49 කිනි. හයේ පහර 6 ක් සහ හතරේ පහර 6 ක් ඊට ඇතුළත් වුණි. මනීෂ් පාන්ඩේ 37 යි.
යුද සාමාජිකයන්ට වෙබ් අඩවි භාවිතා කිරීමේ දී නියෝග මාලාවක්
යුද හමුදා සාමාජිකයන් විසින් මුහුණු පොත, ට්විටර්, ලින්ක්ඞ්න් ඇතුළු සමාජ ජාලා වෙබ් අඩවි භාවිත කිරීමේදී නිල ඇඳුම, නිල නාම, ආයතන, උපකරණ පෙන්නුම් කරමින් ඡායාරූප ඇතුළත් කිරීම තහනම් කොට ඇති බව යුද හමුදා මූලස්ථානය කියයි. යුද හමුදාපති ලුතිතන් ජනරාල් මහේෂ් සේනානායක මහතා විසින් එම නියෝගය ලිපි මගින් සියලුම කඳවුරු වෙත යොමුකර ඇති බව උසස් නිලධාරියෙක් පැවසීය.
චීනයේ සී.919 මගී ගුවන් යානා ඇණවුම් ප්‍රමාණය 815 දක්වා ඉහළට
චීනයේ ස්වයං නිෂ්පාදන විශාල පරිමාණයේ සී.919 වර්ගයේ මගී ගුවන් යානා සඳහා වන ඇණවුම් ප්‍රමාණය 815 දක්වා වැඩි වී තිබේ. එම ගුවන් යානා ප්‍රධාන නිර්මාණකරු වූ ගුවාන්හුයි මහතා පැවසුවේ සේවාදායකයන් 28 දෙනෙකුගෙන් එම ඇණවුම් ලැබී ඇති බවයි. චීනය නිෂ්පාදනය කළ තුන් වන සී.919 මගී ගුවන් යානය මෙම වසර අවසන් වීමට පෙර සිය ප්‍රථම ගුවන් ගමන් අත්හදා බැලීම සිදු කිරීමට නියමිත බව ද ඔහු කියා සිටියි.
FaceBook සමාගම Explore Feed උපාංගය ඉවත් කරගනී
FaceBook සමාගම පසුගිය නොවැම්බර් මාසයේදි හඳුන්වා දුන් Explore Feed නම් අමතර උපාංගය ඉවත් කිරීමට තීරණය කර තිබේ. ශ්‍රී ලංකාව , බොලීවියාව, කාම්බෝජය, ගෝතමාලාව , සර්බියාව , ස්ලොවේස්ලැකියාව යන රටවල් සඳහා එම අමතර උපාංගය හඳුන්වා දී තිබිණි.
Wednesday, March 7, 2018
රට තුළ දින 10කට හදිසි නීතිය පැනවීමට රජය තීරණය කරයි
කැබිනට් මණ්ඩලය එම තීරණය එළඹි බව රජයේ සම කැබිනට් ප්‍රකාශක ඇමති දයාසිරි ජයසේකර මහතා පැවසීය. අදාළ ගැසට් නිවේදනය (6) නිකුත් කෙරෙන බවද ඔහු කීවේය. තෙල්දෙනිය හා අම්පාර සිද්ධි පදනම් කර ගනිමින් කලකෝලාහල තත්ත්වයක් ඇතිවිය හැකි බැවින් මෙම තීරණය ගත් බව ඇමති දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේය. මේ අතර රට තුළ ජාතිවාදය ඇතිවන ආකාරයෙන් වෙබ් අඩවි ඔස්සේ ගෙන යන වැරදි ප්‍රකාශයන් සම්බන්ධයෙන් පියවර ගැනීමටද කැබිනට් මණ්ඩලයේ දී සාකච්ඡා වු බව හෙතෙම සඳහන් කළේය.
දකුණු කොරියාවෙන් උතුරු කොරියාවට ජ්‍යෙෂ්ඨ ආරක්ෂක නිලධාරීන් යැවීමට පියවර
දකුණු කොරියානු ජනාධිපති මූන් ජායි ඉන් උතුරු කොරියාවට යැවීම සඳහා ජ්‍යෙෂ්ඨ ආරක්ෂක නිලධාරීන් තෝරාගෙන ඇතැයි යොන්හැප් පුවත් සේවය වාර්තා කරයි. දකුණු කොරියාව සහ ඇමෙරිකා එක්සත් ජනපදය අතර ඉදිරියේදී පැවැත්වීමට නියමිත ඒකාබද්ධ යුද අභ්‍යාසවලට උතුරු කොරියාවෙන් විරෝධය එල්ල වී තිබෙන තෝරාගෙන ඇති නිලධාරීන් දෙදෙනා උතුරු කොරියාවට ගොස් ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බව පැවසේ.
ඉතාලි මහ මැතිවරණය ඇරැඹේ
කාලයක් පැවැති දේශපාලන හා ආර්ථිකය අර්බුදය නිමා කිරීමේ අරමුණින් ඉතාලි ජාතිකයින් විශාල පිරිසක් පසුගිය 04 ඡන්දය භාවිත කළහ. සංක්‍රමණික අර්බුද, විරැකියාව ආදී දැඩි ආර්ථික අර්බුද යනාදි කරුණු මධ්‍යයේ ඉතාලි මහ මැතිවරණය පැවැත් විය.
නවසීලන්තයේ සාවුන් මර්දනයට විශේෂ වෛරසයක්
සාවුන්ගේ ගහනය පාලනය කිරීම සඳහා වෛරසයක් හඳුන්වා දීමට නවසීලන්තය සැලසුම් කර ඇතැයි වාර්තා වේ. රටේ සමහර ප්‍රදේශ වල වසංගතයක් ලෙස සාවුන් වැඩිවන්නට පටන්ගෙන ඇති බව පැවසේ. “රැබිට් හිම්මරොජික් ඩිසීස් වෛරස්” ලෙස නම්කර ඇති මෙම වෛරසය එම ප්‍රදේශ වලට නිදහස් කිරීමට බලාපොරොත්තු වන බව බලධාරීහු පවසති.
පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමේදී 25% ක කාන්තා නියෝජනය අනිවාර්යයි
පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමේදී 25% ක් වූ කාන්තා නියෝජනය අනිවාර්ය බව ජාතික මැතිවරණ කොමිසම පවසයි. එහි සභාපති මහින්ද දේශප්‍රිය මහතා මේ බව පැවසුවේ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුවය.
13 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ පළමු වැනි සැසිවාරයේ විධායක මණ්ඩලය ප්‍රථම සමුළුව පවත්වයි
13 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ පළමු වැනි සැසිවාරයේ විධායක මණ්ඩලය ප්‍රථම සමුළුව පවත්වයි.
එම සමුළුවේදී චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ ස්ථාවර සාමාජික ලී චෑන් ෂූ මහතා ඇතුළු 10 දෙනෙකු විධායක මණ්ඩලයේ සභාපතිවරුන් ලෙස තෝරා ගෙන ඇත.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ට්‍රම්ප්ට චෝදනා
ආනයනික යකඩ සඳහා සියයට 25ක් හා ආනයනික ඇලුමිනියම් සඳහා සියයට 10ක් වශයෙන් බදු පැනවීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ ට්‍රම්ප් හට චෝදනා එල්ල කර තිබේ.
ට්‍රප්ගේ එම තීරණය හේතුවෙන් ඇමෙරිකාව ඇතුළු සමහර රටවල් වලට බලපෑම් එල්ල විය හැකි ජාත්‍යන්තර මූල්යහ අරමුදල පවසා ඇත.
දෛනික ජල පරිභෝජනය 20% කින් ඉහළට
දෛනික ජල පරිභෝජනය 20% කින් ඉහළ ගොස් ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. එහි සමාන්‍යාධිකාරි දීප්ති සුමනසේකර සඳහන් කළේ, පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් ජල පරිභෝජනය ඉහළ මට්ටමක පවතින බවය.
පොදු සමා කාලය තුළ ගිනි අවි 60,000 ක් බාර දෙයි
නීති විරෝධි ගිනි අවි භාරදීම සඳහා ඔස්ට්ට්‍රේලියානු රජය විසින් ලබාදී තිබූ පොදු සමා කාලය තුළ ගිනි අවි 60,000කට ආසන්න තොඟයක් බලධාරින් වෙත භාරදී තිබේ. පසුගිය වසරේ ඔස්ට්‍රේලියානු රජය විසින් ඒ සඳහා මාස තුනක පොදු සමා කාලයක් ඒ සඳහා ලබාදී තිබූ අතර අදාළ කාලය තුළ ගිනි අවි 57,000කට අධික සංඛ්‍යාවක් බලධාරින් වෙත භාරදී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
දෙහිවල සත්වෝද්‍යානයට නව සත්ව විශේෂ රැසක්
දෙහිවල ජාතික සත්වෝද්‍යානයට සත්ව හුවමාරු හා මිලදී ගැනීමේ ක්‍රම යටතේ සතුන් රැසක් ලබාගැනීමට අවශ්‍ය කටයුතු සූදානම් කර තිබේ. තිරසර සංවර්ධන හා වනජීවි අමාත්‍යංශයේ ලේකම් ඩග්ලස් නානායක්කාර මහතා පැවසුවේ ඒ අනුව කැංගරු විශේෂ, චීටා, වඳුරන්, ජිරාෆ් වැනි සත්ව විශේෂ ප්‍රදානයන් ලෙසින් ලබාගැනීමට වෙනත් රටවල් සමග සාකච්ඡා පවත්වා ඇති බවයි.
මුස්ලිම් ලීගයේ නවාස් පක්ෂයට ජය
පාකිස්ථානයේ ආණ්ඩු පක්ෂය වන මුස්ලිම් ලීගයේ නවාස් පක්ෂය සෙනෙට් මන්ත්‍රී මණ්ඩල මැතිවරණයෙන් ජය ගන්නා බව එරට මැතිවරණ කමිටුව නිකුත් කළ ප්‍රතිඵලයෙන් දැක්වෙයි. පසුගිය 03 වැනි දින පැවති එම මැතිවරණයෙන් මුස්ලිම් ලීගයේ නවාස් පක්ෂය ආසන 15ක් දිනා ගෙන, ලබා ගත් ආසන ඇතුලත්ව ආසන 33කින් සෙනෙට් මන්ත්‍රී මණ්ඩලයේ ප්‍රධානතම පක්ෂය බවට පත් වී තිබේ.
ඇමෙරිකාවේ කොන්දේසි පිළි නොගන්නා බව උතුරු කොරියාව පවසයි
ඇමෙරිකාව සමග සාකච්ඡා පැවැත්වීමට කැමති වුවද ඒ සම්බන්ධයෙන් ඇමෙරිකාව ඉදිරිපත් කරන පූර්ව කොන්දේසි පිළි නොගන්නා බව උතුරු කොරියාව පවසයි.
උතුරු කොරියානු විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශකයෙක් සඳහන් කළේ උතුරු කොරියාව න්‍යෂ්ටික අවි සහ මිසයිල අත්හැරීමේ කැමැත්ත තිබේ ද නැද්ද යන්න ඇමෙරිකාව අඛණ්ඩව නිරීක්ෂණය කරනු ඇතැයි පවසමින් සාකච්ඡා සඳහා පූර්ව කොන්දේසි පැනවීමට උත්සාහ කළ බවයි.
යුරෝපා සංගමය සමඟ වෙළඳ ගිවිසුමකට එළඹීමට අපේක්ෂා කරන බව බ්‍රිතාන්‍යය නිවේදනය කරයි
යුරෝපා සංගමය සමඟ ගැඹුරු ම හා පුළුල් ම වෙළඳ ගිවිසුමකට එළඹීම බ්‍රිතාන්‍යයේ අපේක්ෂාවකි. බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය Theresa May මහත්මිය පසුගියදා මේ බව ප්‍රකාශ කළාය. එම ගිවිසුම බ්‍රිතාන්‍යයේ රැකියා නියුක්තියට හානි සිදු නොවිය යුතු බව ඇය අවධාරණය කර තිබේ. බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් වීම පිළිබඳ පළමු වැනි සාකච්ඡා අදියර නිමාවට පත් වී තිබේ.
සැත්කම් කළ හැකි රොබෝ
උරගයෙකු මෙන් බඩගා යා හැකි රොබෝවක් නිර්මාණය කිරීමට හාර්වඩ් සරසවියේ විද්‍යාඥයින් පිරිසක් සමත්ව තිබේ. සර්පයකුගේ චලනයට සමාන හැසිරීමක් දක්වන මෙම රොබෝ නිර්මාණය කිරීම සඳහා "ඔරිගමි" නිර්මාණ කලාවේ එක් ප්‍රබේදයක් වන "කිරිගමි" නමින් හඳුන්වනු ලබන කඩදාසි කැපීමේ කලාව විද්‍යාඥයින් උපයෝගී කරගෙන ඇති බව පැවසේ. සර්පයන්ට ඉදිරියට බඩගා යෑමට උපයෝගී වන ප්‍රතිචලිත සමේ චලනයට අනුරූපි වන අයුරින් කැපුම් සහිත ප්ලාස්ටික් මතුපිටක් ඇදෙන සුළු නළයක් වටා එතීම ඔස්සේ මෙම රොබෝව නිර්මාණය කිරීමට පර්යේෂකයින් කටයුතු කර ඇත.
ඊශ්‍රායල් - පලස්තීන සාම ක්‍රියාවලියේ ජාත්‍යන්තර අවධානය
ඊශ්‍රායලය සමග වන සාම ක්‍රියාවලියේ ජාත්‍යන්තර ප්‍රවර්ධනය ඉහළ ගොස් ඇතැයි පලස්තීන ජනාධිපති මහමුද් අබ්බාස් මහතා පවසයි. ස්වාධින පලස්තීන රාජ්‍යයක් පිහිටුවීමෙන් අනතුරුව ඊශ්‍රායලය සමග වන සාම ක්‍රියාවලිය අවසන් වනු ඇතැයි හෙතෙම පවසා ඇත. පසුගිය පෙබරවාරි මාසයේ අමෙරිකාව ප්‍රකාශ කළේ ලබන මැයි මාසයේදී ඊශ්‍රායලයේ පිහිටි තම තානාපති කාර්යාලය ජෙරුසෙලම් නගරයට රැගෙන යාමට තීරණය කර ඇති බවය.
පාසල් අවට දුම්වැටි අලෙවිය තහනම් කෙරෙන ගැසට් නිවේදනය අප්‍රේල් 7
පාසල් අවට මීටර් 100 ක දුරින් දුම්වැටි අලෙවි කිරීම තහනම් කිරීමේ ගැසට් නිවේදනය නිකුත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර තිබේ. සෞඛ්‍ය අමාත්‍යංශය පැවසුවේ අප්‍රේල් මස 07 යෙදෙන ලෝක සෞඛ්‍ය දිනය දා එය ප්‍රකාශයට පත් කිරීමට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා තීරණය කර ඇති බවයි.
පුද්ගල නාශක බිම්බෝම්බ තහනම් කිරීම පිළිබඳ සම්මුතියේ විශේෂ නියෝජිතයාගේ ශ්‍රී ලංකා සංචාරය
පුද්ගල නාශක බිම්බෝම්බ තහනම් කිරීම පිළිබඳ සම්මුතියේ විශේෂ නියෝජිත ජෝර්දානයේ මිරෙද් රාද් සෙයිද් අල්-හුසේන් කුමරු ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වීමට නියමිතව ඇත. සිය ශ්‍රී ලංකා සංචාරය අතරතුරදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන යන මහත්වරුන් හමුවීමට නියමිතය.
Tuesday, March 6, 2018
අමෙරිකාවේ යකඩ සහ ඇලුමිනියම් තීරුබදු සැලසුම යුරෝපා සංගමයේ දැඩි දෝෂ දර්ශනයට
යකඩ සහ ඇලුමිනියම් ආනයනයට අදාල තීරුබදු සම්බන්ධ අමෙරිකානු ජනාධිපතිවරයාගේ සැලසුම යුරෝපා සංගමයේ දෝෂ දර්ශනයට ලක් වෙයි.
යුරෝපා සංගමය අවධාරණය කරන්නේ එම සැලසුමට එරෙහිව තම සංගමය නිසි ක්‍රියාමාර්ග ගන්නා බවයි. ආනයනික යකඩ මත සියයට 25 ක තීරු බද්ධක් සහ ඇලුමිනියම් මත සියයට 10 ක තීරු බද්ධක් පැනවීමට සැලසුම් කර ඇතැයි අමෙරිකානු ජනධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගිය බ්‍රහස්පතින්දා ප්‍රකාශ කළේය.
ගාන්ධිතුමා ජේසුස් වහන්සේ ගැන ලියූ ලිපියක් වෙන්දේසියට
ඉන්දීය නිදහස් සටනේ පුරෝගාමියෙකු වූ මහත්මා ගාන්ධි ජේසුස් වහන්සේ පිළිබඳ ලියු ලිපියක් අමෙරිකාවේ දී වෙන්දේසි කිරීමේ සුදානමක් පිළිබඳ තොරතුරු වාර්තා වේ. 1926 වසරේ අප්‍රේල් 6 වනදා මහත්මා ගාන්ධි විසින් අත්සන් කර ඇති ලිපිය ලියා ඇත්තේ එවකට අමෙරිකාවේ විසු පුජකවරයෙකු වන මිල්ටන් නිව්බෙරි පියතුමාටය.
ප්‍රංශයේ හිම කඳු කඩා වැටීම නිසා සිව් දෙනෙකු මරුට
ප්‍රංශයේ ඇල්ප්ස් කදුකරයට බලපෑ සුළි කුණාටු තත්ත්වය හේතුවෙන් හිම කඳු කඩා වැටී පුද්ගලයින් 04 දෙනෙකු මියගොස් ඇත. විදෙස් මාධ්‍ය සඳහන් කර ඇත්තේ සිද්ධියෙන් තවත් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බවය. පවතින අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ අදාළ පිරිස එම ප්‍රදේශයට රැගෙන ගිය මාර්ගෝපදේශකයෙකු පොලිසිය විසින් රදවා ගෙන ඇති බව ද සඳහන් වේ.
පිටසක්වල ජීවීන්ගේ පැමිණීම බලපොරොත්තු වන නාසා සීරුවෙන්
හඳුනානොගත් බුද්ධිමත් පිටසක්වල ජීවින් මගින් පෘථිවියට එල්ලවිය හැකි බලපෑම් පිළිබඳ නාසා ආයතනයේ භෞතික තාරකා විද්‍යාඥයින්ගේ අවධානය යළි යොමුව ඇත. එවැනි බලපෑමක් ඇති වුවහොත් ඊට මුහුණ දීම සදහා පෘථිවිය සුදානම් විය යුතු අකාරය පිළිබඳව මේ වන විට විද්‍යාඥයින්ගේ අවධානය යොමුව ඇති බව නාසා ආයතනය සදහන් කර තිබේ.
මත්ස්‍ය අපනයන ආදායම කෝටි 2,868ක්
පසුගිය වසරේදී මත්ස්‍ය අපනයනයෙන් රුපියල් කෝටි 2, 868ක විදේශ විනිමයක් ජාතික ආදායමට උපයා දී අති බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය සදහන් කර තිබේ. විසිතුරු මසුන් අපනයනයෙන් උපයා ඇති විදේශ විනිමය රුපියල් කෝටි 167 කි. මුහුදු පැලෑටි අපනයනයෙන් රුපියල් මිලියන 5.3ක් ද කිවුල් දිය ඉස්සන් අපනයනයෙන් රුපියල් මිලියන 1,931ක මුදලක් ද මිරිදිය ඉස්සන් අපනයනයෙන් රුපියල් මිලියන 154ක මුදලක් ද ඉපයීමට හැකිව ඇති බව පැවසේ.
ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ශ්‍රී ලංකාවට ඇගයීමක්
ශ්‍රී ලංකාවේ මාතෘ හා ළදරු මරණ අවමවීම සහ සජීවී දරු උපත්, සංවර්ධනය වූ රටවලට සමාන අගයක් ගැනීම අගය කරමින් ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනයක් නිකුත් කර ඇත. එහි සදහන් වන්නේ සජීවී දරු උපත් නිරෝගී රටවලට සහ ඇමරිකා එක්සත් ජනපදය වැනි රටවල දත්තයන්ට සමාන වී ඇත්තේ ශ්‍රි ලංකාවේ ළදරු මරණ අනුපාතිකය අවම වීම හේතුවෙන් බවය.
ලොව උසම හෝටලය ඩුබායි රාජ්‍යයෙන්
ලොව උසම ගොඩනැගිල්ල ඉදිකල ඩුබායි රාජ්‍යය ලොව උසම හෝටලයද ගොඩනගා විවෘත කර තිබේ. මෙම හෝටලය තරු 4 හෝටලයක් ලෙස නම් කර ඇත. ඩුබායි රාජ්‍යය නිර්මාණය කල බර්ජ් කලීෆා ගොඩනැගිල්ලේ මේ වනවිට නිවාස සංකීර්ණද ගොඩනගා තිබේ. කෙසේ නමුත් මෙලෙස නිර්මාණය කර නව හෝටලය උසින් මීටර 356ක් බව ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කරයි.
Monday, March 5, 2018
ලොව ඕනෑම තැනකට ලගාවියහැකි මිසයිලයක් තමන් සතුයි - රුසියානු ජනාධිපති
අදෘශ්‍යමාන මිසයිලයක් තම රට සතුව ඇති බවට රුසියානු ජනාධිපති ව්ලදිමීර් පූතින් අණාවරණය කරයි. ඔහු මේ බව සදහන් කළේ, දින 17 කින් පසුව පැවත්වෙන ජනාධිපතිවරණයෙන් පසු ඔහුගේ සිව්වන ජනාධිපති කාලසීමාවේ ක්‍රියාත්මක ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදැක්වීමේ කතාවේදීය.
එක්සත් ජාතීන්ගේ සම්බාධක නොතකමින් උතුරු කොරියාව භාවිත කරන ලද බැලැස්ටික් මිසයල සහ රසායනික අවි වැඩසටහන් සිරියාවට යවා ඇතැයි එක්සත් ජාතීන්ගේ විශේෂඥයෝ පවසති. මිසයිල තාක්ෂණවේදීන් ද උතුරු කොරියාවේ සිට සිරියාව වෙත ගොස් ඇතැයි ද තහනම් කරන ලද බැලැස්ටික් මිසයිල පද්ධති මියන්මාරයට ද ලබා දී ඇතැයි එක්සත් ජාතීන්ගේ විශේෂඥයෝ කියති. උතුරු කොරියාව වෙත පනවන ලද සම්බාධක සම්බන්ධයෙන් නිරීක්ෂණය කරන විශේෂඥ මණ්ඩලයක් විසින් මෙම කරුණු අනාවරණය කරගනු ලැබ තිබේ.
රුසියාව ලබා දුන් පැය 5ක සටන් විරාම කාලය වැඩි විය යුතුයි
රුසියාව ඉදිරිපත් කළ පැය පහක සටන් විරාම සැලැස්ම තවදුරටත් වර්ධනය විය යුතු යැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පසුගිය 01 වැනි දා ප්‍රකාශ කළේය. නැගෙනහිර ගූථා ප්‍රදේශයේ සිවිල් වැසියන්ට ආහාර, ඖෂධ සහ අනෙකුත් ආධාර සැපයීම, මුදා ගැනීමේ කටයුතු අවස්ථාව සලසා දීමට නම් රුසියාව ඉදිරිපත් කළ දිනකට පැය පහක සටන් විරාම සැලැස්ම තවදුරටත් සකස් විය යුතු යැයි ද පැය ගණන වැඩි විය යුතු යැයි ද එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහන් කළේය.
ජර්මන් ආරක්ෂක කටයුතු අමාත්‍යාංශයට සයිබර් ප්‍රහාරයක්
ආරක්ෂක සහ අභ්‍යන්තර කටයුතුවල සිදූ වූ ආරක්ෂක බිඳ වැටීමක් සම්බන්ධයෙන් රජය පරීක්ෂණ ආරම්භ කර ඇතැයි ජර්මන් රජයේ ප්‍රකාශකයෙක් පැවැසීය.
සුප්‍රකට රුසියානු “හැකර්” කණ්ඩායමක් වන “ෆැන්සි බෙයාර්” හෙවත් “ඒ.පී.ටී 28” නැමැති කණ්ඩායම ජර්මන් ආරක්ෂක සහ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය ඉලක්ක කරගනිමින් සයිබර් ප්‍රහාරයක් එල්ල කර ඇතැයි එරට මාධ්‍ය 01 වාර්තා කළේය.
Sunday, March 4, 2018
දුරකතන හා කෙටි පණිවිඩ සන්නිවේදනය සඳහා “නැනෝ චන්ද්‍රිකා” තාක්ෂණය
ලොව සමස්ත ජනගහනයෙන් සැලකිය යුතු පිරිසකට තවමත් ජංගම දුරකතන සංඥාවලට ළඟා වීමට නොහැකිය. ඒ අනුව බලන විට ලෝක ජනගහනයෙන් බිලියන හතරකට තවමත් ඩිජිටල් සන්නිවේදන තාක්ෂණයට ප්‍රවේශවීමට නොහැකි වී තිබේ. කෙසේ නමුත් පිරිවැය අඩු කුඩා චන්ද්‍රිකා වලින් ජංගම දුරකතන සේවා සැපයීමේ අවස්ථාව දැන් උදා වී ඇත.
වරායෙන් 2017 දී වාර්තාගත ලාභයක්
ශ්‍රී ලංකා වරාය අධිකාරිය ඉතිහාසයේ වැඩිම ලාභය වන රුපියල් බිලියන 13.2 ක ලාභයක් ඉකුත් වසරේ වාර්තා කර ඇතැයි වරාය හා නාවික අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා සදහන් කරයි. 2016 වසරේ අධිකාරිය ලැබු ලාභය රුපියල් බිලියන 10 ක් වන බැවින් ඉකුත් වසරේ ලාභය සුවිශේෂි වන්නේ යැයි ද හෙතෙම සඳහන් කළේය.
ඩන්කන් වයිට්ගේ ජන්ම ශත සංවත්සරය සැමරේ
මෙරට ප්‍රථම ඔලිම්පික් පදක්කම් ලාභියාවන ඩන්කන් වයිට්ගේ ජන්ම ශත සංවත්සරය සැමරේ. ඒ වෙනුවෙන් විශේෂ මුල්දින කවරයක් ද නිකුත් කෙරිණ.
අධික සීතලෙන් 55 මරුට
යුරෝපයට බලපා ඇති අධික ශීතල සහිත කාළගුණ තත්ත්වය නිසා පුද්ගලයින් 55 දෙනෙකු මිය ගොස් ඇත. ඉන් 21 දෙනෙකු පෝලන්තයෙන් බව වාර්තා වේ. අධික හිම පතනය හේතුවෙන් යුරෝපයේ මාර්ග රැසක් වසා දමා ඇති අතර දුම්රිය හා ගුවන් ගමන්වලට ද ඉන් දැඩි බලපෑම්ක් එල්ල වී ඇති බව සදහන්. යුරෝපයේ පාසල් රැසක් ද වසා දැමීමට පියවර ගෙන ඇත.
හදිසි විදුලි මිලදී ගැනීමකට කෝටි 250ක් ඉල්ලයි
හදිසි විදුලිය මිලදී ගැනීම් සඳහා රුපියල් කෝටි 250ක් ඉල්ලමින් විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශය කැබිනට් සංදේශයක් ඉදිරිපත් කර තිබේ. පවතින නියං තත්ත්වයත්, නව බලාගාර ඉදිකිරීමේ ප්‍රමාදයත් හේතුවෙන් පෞද්ගලික අංශයෙන් විදුලිය මෙගාවොට් 100ක් පමණ හදිසියේ මිලදී ගැනීමට සිදුව ඇති බව පැවසේ. විදුලිය ඒකකයක් රුපියල් 29ක පමණ මිලකට මිලදී ගැනීමට සිදුව තිබේ.
දූෂණ හා වංචා සම්බන්ධ ක්‍රියාමාර්ග කඩිනම් කිරීම කමිටුවක්
දූෂණ හා වංචා සම්බන්ධව අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග කඩිනම් කරලීම සඳහා අග්‍රාමාත්‍යවරයා අමාත්‍යවරුන්ගෙන් සැදුම් ලත් කමිටුවක් පත් කර ඇත. අග්‍රාමාත්‍යවරයා මේ තීරණයට එළැඹියේ නීතිය හා සාමය අමාත්‍යංශයේ ලේකම්වරයා හා පොලිස්පතිවරයා ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් අරලියගහ මන්දිරයට කැඳවා පවත්වන ලද විශේෂ සාකච්ඡාවේදීය.
2017 දී හම්බන්තොට වරායට නැව් 183ක්
හම්බන්තොට වරාය වෙත 2017 වසරේ දී නෞකා 183ක් පැමිණ ඇතැයි වරාය හා නාවික කටයුතු අමාත්‍යංශය පවසයි. මෙම සම්පූර්ණ නෞකා ප්‍රමාණයෙන් නෞකා 175ක් ම භාණ්ඩ ප්‍රවාහන නෞකාවන් වේ. එම වසරේ ටොන් 126,514ක් හම්බන්තොට වරාය වෙත ගොඩ බා තිබේ.
දුම්කොළ වගාව තහනම් කිරීම සඳහා නව චක්‍රලේඛයක්
2020 වසර වන විට ශ්‍රී ලංකාවේ දුම්කොළ වගාව සම්පූර්ණයෙන්ම තහනම් කිරීම සඳහා නව චක්‍රලේඛයක් නිකුත් කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කරයි. මේ වන විට ඒ සදහා අවශ්‍ය චක්‍රලේඛය කෙටුම්පත් කර අවසන්. එළඹෙන යළ කන්නයට පෙර එම චක්‍රලේඛය නිකුත් කිරීමට පියවර ගෙන ඇති අතර දුම්කොළ වගාව වෙනුවට විකල්ප භෝග ප්‍රචලිත කිරීම සඳහා අවශ්‍ය පසුබිම නිර්මාණය කිරීම මෙමඟින් සිදුවනු ඇත.
නයිල් නදිය නිසා ඊජිප්තු ගායිකාවකට මාස 06 ක සිර දඬුවමක්
නයිල් නදිය පිළිබද ප්‍රසිද්ධියේ විහිළුවක් සිදුකළ ඊජිප්තු ගායිකාවකට මාස 06 ක සිර දඬුවමක් නියමවී තිබේ. ඒ ෂෙරීන් අබ්දෙල් වහාබ් නම් ජනප්‍රිය ඊජිප්තු ගායිකාවකටය. ඇයට විරුද්ධ චෝදනාව වන්නේ, නයිල් නදියේ පිරිසුදුබව පිළිබද ඇය ප්‍රසිධියේ දැක්වූ අදහසවේ. පසුගියදා රූපවාහිනී වැඩසටහනකට සහභාගී වෙමින් ඇය පවසා ඇත්තේ, නයිල් නදියේ ජලය ඉතා අපිරිසුදු බවය. එමෙන්ම එම ජලය පානය කිරීමෙන් රෝගී වන බවත්ය.
ෂෙරීන් කළ ප්‍රකාශය නයිල් නදියට කළ අවමානයක් බව, ඊජිප්තු රජය මෙන්ම අධිකරණය ද තීරණය කර ඇත.
Subscribe to:
Posts (Atom)