Social Icons

facebookrss feedemailtwitter

Thursday, March 8, 2018

චීනයේ සී.919 මගී ගුවන් යානා ඇණවුම් ප්‍රමාණය 815 දක්වා ඉහළට

චීනයේ ස්වයං නිෂ්පාදන විශාල පරිමාණයේ සී.919 වර්ගයේ මගී ගුවන් යානා සඳහා වන ඇණවුම් ප්‍රමාණය 815 දක්වා වැඩි වී තිබේ. එම ගුවන් යානා ප්‍රධාන නිර්මාණකරු වූ ගුවාන්හුයි මහතා පැවසුවේ සේවාදායකයන් 28 දෙනෙකුගෙන් එම ඇණවුම් ලැබී ඇති බවයි. චීනය නිෂ්පාදනය කළ තුන් වන සී.919 මගී ගුවන් යානය මෙම වසර අවසන් වීමට පෙර සිය ප්‍රථම ගුවන් ගමන් අත්හදා බැලීම සිදු කිරීමට නියමිත බව ද ඔහු කියා සිටියි.