Social Icons

facebookrss feedemailtwitter

Tuesday, March 6, 2018

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ශ්‍රී ලංකාවට ඇගයීමක්

ශ්‍රී ලංකාවේ මාතෘ හා ළදරු මරණ අවමවීම සහ සජීවී දරු උපත්, සංවර්ධනය වූ රටවලට සමාන අගයක් ගැනීම අගය කරමින් ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනයක් නිකුත් කර ඇත. එහි සදහන් වන්නේ සජීවී දරු උපත් නිරෝගී රටවලට සහ ඇමරිකා එක්සත් ජනපදය වැනි රටවල දත්තයන්ට සමාන වී ඇත්තේ ශ්‍රි ලංකාවේ ළදරු මරණ අනුපාතිකය අවම වීම හේතුවෙන් බවය.



ඒ අනුව වළක්වාගත හැකි මාතෘ හා ළදරු මරණ තුරන් කිරීමට ශ්‍රි ලංකාව ගෙන ඇති ක්‍රියාමාර්ග ලෝක සෞඛ්‍ය සංවිධානය අගය කර ඇත. ගෝලීය වශයෙන් සලකා බලන විට ගර්භනී තත්ත්වයේ දී සහ ප්‍රසුතීයේ දී වසරක් තුල ලක්ෂ 03 කට ආසන්න කාන්තාවන් පිරිසක් මිය යන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දේ. ඉන් බහුතරය වාර්තා වන්නේ සංවර්ධනය වෙමින් පවතින රටවලිනි.