Social Icons

facebookrss feedemailtwitter

Wednesday, March 7, 2018

දෙහිවල සත්වෝද්‍යානයට නව සත්ව විශේෂ රැසක්

දෙහිවල ජාතික සත්වෝද්‍යානයට සත්ව හුවමාරු හා මිලදී ගැනීමේ ක්‍රම යටතේ සතුන් රැසක් ලබාගැනීමට අවශ්‍ය කටයුතු සූදානම් කර තිබේ. තිරසර සංවර්ධන හා වනජීවි අමාත්‍යංශයේ ලේකම් ඩග්ලස් නානායක්කාර මහතා පැවසුවේ ඒ අනුව කැංගරු විශේෂ, චීටා, වඳුරන්, ජිරාෆ් වැනි සත්ව විශේෂ ප්‍රදානයන් ලෙසින් ලබාගැනීමට වෙනත් රටවල් සමග සාකච්ඡා පවත්වා ඇති බවයි.



සත්ව හුවමාරු ක්‍රමය යටතේ නව සර්ප විශේෂ රැසක් ද ඉදිරියේ දී ලබා ගැනීමට නියමිත අතර මෙරට බහුලව ඇති සර්ප විශේෂ එම රටවල් වෙත ලබාදීමට සැලසුම් කර තිබේ. එමෙන් ම කුරුළු විශේෂ, අශ්ව හා පෝනියන් වැනි සතුන් විදෙස් රටවල් වෙතින් ගෙන්වන ආයතන වෙතින් මිලදී ගැනීමට ඉදිරියේ දී කටයුතු කරන බව ද ලේකම්වරයා පැවසීය.