Social Icons

facebookrss feedemailtwitter

Tuesday, March 6, 2018

අමෙරිකාවේ යකඩ සහ ඇලුමිනියම් තීරුබදු සැලසුම යුරෝපා සංගමයේ දැඩි දෝෂ දර්ශනයට

යකඩ සහ ඇලුමිනියම් ආනයනයට අදාල තීරුබදු සම්බන්ධ අමෙරිකානු ජනාධිපතිවරයාගේ සැලසුම යුරෝපා සංගමයේ දෝෂ දර්ශනයට ලක් වෙයි. යුරෝපා සංගමය අවධාරණය කරන්නේ එම සැලසුමට එරෙහිව තම සංගමය නිසි ක්‍රියාමාර්ග ගන්නා බවයි. ආනයනික යකඩ මත සියයට 25 ක තීරු බද්ධක් සහ ඇලුමිනියම් මත සියයට 10 ක තීරු බද්ධක් පැනවීමට සැලසුම් කර ඇතැයි අමෙරිකානු ජනධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගිය බ්‍රහස්පතින්දා ප්‍රකාශ කළේය.



ඉන් අනතුරුව අමෙරිකානු ජනාධිපතිවරයාගේ මේ ප්‍රකාශය සම්බන්ධයෙන් යුරෝපා කොමිසමේ ප්‍රධානී Jean-Claude Juncker මහතා ප්‍රතිචාර දැක්වීය. ඔහු සඳහන් කළේ යුරෝපා සංගමයේ ශුභසිද්ධිය වෙනුවෙන් ස්ථිර හා ඊට සරිලන පරිදි යුරෝපා සංගමය ද මෙම තීරණයට ප්‍රතිචාර දක්වන බවයි.

දශක ගණනාවක් පුරා යුරෝපා සංගමය, අමෙරිකාවේ සමීප ආරක්ෂකයෙකි. යුරෝපයේ දහස් ගණන් රැකියා අවධානමකට ලක් කරමින් කර්මාන්ත වලට බලපෑ හැකි මෙවැනි අසාධාරණ තීරණ සමඟ එකඟ නොවන බව ද හෙතෙම සඳහන් කළේය.

මේ අතර යුරෝපා වෙළද කොමසාරිස් Cecilia Malmstrom මහත්මිය සඳහන් කළේ අමෙරිකාවේ මෙම තීරණය අත්ලන්තික් සාගර සබඳතාවලට සහ ගෝලීය වෙළද පොළට අයහපත් බලපෑම් එල්ල කළ හැකි බවයි.

අමෙරිකානු ජනාධිපතිවරයාගේ තීරණයට යුරෝපා සංගමය දැඩි ප්‍රතිචාර දැක්විය යුතු බව ජර්මන් විදේශ අමාත්‍ය Sigmar Gabriel මහතා ද ප්‍රකාශ කර තිබේ.