Social Icons

facebookrss feedemailtwitter

Thursday, March 8, 2018

චීනයේ විදේශ විනිමය සංචිතය ඇමෙරිකානු ඩොලර් ට්‍රිලියන 3 ඉක්මවයි

පසුගිය පෙබරවාරි මාසය වන විට චීනයේ විදේශ විනිමය සංචිතය ඇමෙරිකානු ඩොලර් බිලියන 3134.5 ක් බව චීන මහජන බැංකුව නිකුත් කළ සංඛ්‍යා ලේඛනයක සඳහන් වේ. පසුගිය ජනවාරි මාසයට සාපේක්ෂව එය 0.85% කින් පහළ ගොස් තිබුණ ද චීනයේ විදේශ විනිමය සංචිතයේ සැබෑ වටිනාකම වෙනස් වී නැතැයි මූල්‍ය විශේෂඥයෝ පවසති.


මෑතදී ජාත්‍යන්තර මූල්‍ය වෙළෙඳ පොලේ පවතින උච්චාවචන තත්වය එම පහළ යාමට හේතු වී තිබෙන බව චීන රාජ්‍ය විදේශ විනිමය පරිපාලනය පවසයි. මේ වසරේ යහපත් තත්වයට පත් වන ජාත්‍යන්තර ප්‍රාග්ධන සංසරණය සහ විදේශ විනිමය සංචිතයෙන් ලද ආයෝජන ප්‍රතිලාභ හේතු කොටගෙන චීනයේ විදේශ විනිමය සංචිතය ස්ථිර ලෙස ඉහළ යනු ඇතැයි මූල්‍ය විශේෂඥයෝ පවසති.