Social Icons

facebookrss feedemailtwitter

Wednesday, March 7, 2018

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ට්‍රම්ප්ට චෝදනා

ආනයනික යකඩ සඳහා සියයට 25ක් හා ආනයනික ඇලුමිනියම් සඳහා සියයට 10ක් වශයෙන් බදු පැනවීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ ට්‍රම්ප් හට චෝදනා එල්ල කර තිබේ. ට්‍රප්ගේ එම තීරණය හේතුවෙන් ඇමෙරිකාව ඇතුළු සමහර රටවල් වලට බලපෑම් එල්ල විය හැකි  ජාත්‍යන්තර මූල්යහ අරමුදල පවසා ඇත.


කෙසේවෙතත් ඇමෙරිකාවේ මෙම තීරණය සම්බන්ධයෙන් තම දැඩි ක්‍රීයාමාර්ග ද ඉදිරියේදී දැනුම් දෙන බව ඇමෙරිකාවට යකඩ හා ඇලුමිනියම් සපයන රටවල් කිහිපයක් පවසා ඇත. ඇමෙරිකාවට යකඩ වැඩි ප්‍රමාණයක් ආනයනය කෙරෙන්නේ කැනඩාව විසින් බව සඳහන්ය.