Social Icons

facebookrss feedemailtwitter

Sunday, March 4, 2018

දුරකතන හා කෙටි පණිවිඩ සන්නිවේදනය සඳහා “නැනෝ චන්ද්‍රිකා” තාක්ෂණය

ලොව සමස්ත ජනගහනයෙන් සැලකිය යුතු පිරිසකට තවමත් ජංගම දුරකතන සංඥාවලට ළඟා වීමට නොහැකිය. ඒ අනුව බලන විට ලෝක ජනගහනයෙන් බිලියන හතරකට තවමත් ඩිජිටල් සන්නිවේදන තාක්ෂණයට ප්‍රවේශවීමට නොහැකි වී තිබේ. කෙසේ නමුත් පිරිවැය අඩු කුඩා චන්ද්‍රිකා වලින් ජංගම දුරකතන සේවා සැපයීමේ අවස්ථාව දැන් උදා වී ඇත.



පිරිවැය අවම අභ්‍යාවකාශය පදනම් කරගත් ජංගම දුරකතන සේවා සැපයීම ඉතා ඉක්මනින් යථාර්ථයක් බවට පත් කරගැනීමට “ස්කයි ඇන්ඞ් ස්පේස් ග්ලෝබල්” සමාගමේ ‘නැනෝ චන්ද්‍රිකා’ ක්‍රමවේදය ඔස්සේ හැකියාව ලැබෙනු ඇතැයි බොහෝ පිරිස් විශ්වාසය පළ කරති. 


“ස්කයි ඇන්ඞ් ස්පේස් ග්ලෝබල්” සමාගම මේ වනවිටත් “නැනෝ චන්ද්‍රිකා” සමූහයක් අභ්‍යාවකාශයට යවා ඇත. ඔබ ගන්නා දුරකතන ඇමතුමක් හෝ කෙටි පණිවිඩයක් සහිත සංඥා එක් නැනෝ චන්ද්‍රිකාවකට යන අතර පසුව එය ඊළඟ නැනෝ චන්ද්‍රිකාවට යවනු ලැබේ. ඉන් පසු අදාළ පුද්ගලයාට ඔබ ගන්නා දුරකතන ඇමතුම හෝ කෙටි පණිවිඩය ලැබේ. “පෘථවියේ ඡායාරූප ගැනීම සඳහා “නැනෝ චන්ද්‍රිකා” භාවිත කිරීම පිළිබද අධ්‍යනය කෙරේ. “ස්කයි ඇන්ඞ් ස්පේස් ග්ලෝබල්” සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මයර් මෝලම් මේ බව පසුගියදා මාධ්‍යෙට පවසා තිබිණ. වසර 2020 දී මෙම ව්‍යාපෘතියේ මෙහෙයුම් කටයුතු ආරම්භ වීමට නියමිත අතර නිරක්ෂ ආසන්න කලාප ඉලක්ක කරගනිමින් කෙටි පණිවිඩ, හඬ සහ දත්ත හුවමාරු කිරීමේ සේවා ලබාදීමට නියමිතය. මුල් අදියරේදී ලතින් ඇමෙරිකානු සහ අප්‍රිකානු රටවල් ආවරණය වන අතර බිලියන තුනක පමණ ජනගහනයකට සේවා සැපයීමට නියමිත වේ. 



“දැරිය හැකි ජංගම දුරකතන සේවා ලබාදීම සංවර්ධනය වෙමින් පවතින රටවල ආර්ථික සහ සමාජ සංවර්ධනයට ඉතා වැදගත්” බවයි, මෝලම් ගේ අදහස. “මෙම ව්‍යාපෘතියට අමෙරිකානු ඩොලර් මිලියන 150කට ආසන්න මුදලක් වැයවේ. එය එක් සම්මත සන්නිවේදන චන්ද්‍රිකාවක් සඳහා වැයවන මුදලට වඩා ඉතා අඩු මුදලක්. පිරිවැය අවම වේ. තාක්ෂණය ද ඉතා ඉහළය. මේ ක්‍රමවේදය ඔස්සේ අවම බාධා යටතේ සන්නිවේදන කටයුතුවල යෙදෙන්න හැකියි.