Social Icons

facebookrss feedemailtwitter

Wednesday, March 7, 2018

පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමේදී 25% ක කාන්තා නියෝජනය අනිවාර්යයි

පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමේදී 25% ක් වූ කාන්තා නියෝජනය අනිවාර්ය බව ජාතික මැතිවරණ කොමිසම පවසයි. එහි සභාපති මහින්ද දේශප්‍රිය මහතා මේ බව පැවසුවේ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුවය.



පළාත් පාලන ආයතන සංස්ථාපනය කිරීම සහ එහි 25% කාන්තා නියෝජනය තහවුරු කිරීම ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කර ඇත. මෙම හමුව සිදුවුයේ රාජගිරිය මැතිවරණ මහ ලේකම් කාර්යාලයේදීය.