Social Icons

facebookrss feedemailtwitter

Thursday, March 8, 2018

නීතිය හා සාමයට නව ඇමතිවරයෙක් පත්කෙරේ.

නීතිය හා සාමය පිළිබඳ කැබිනට් අමාත්‍යවරයා ලෙස රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා පත් කෙරේ. ජනාධිපති නිල නිවසේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ මෙම දිවුරුම් දීම සිදුවු බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.


මේ අවස්ථාවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා ද එක්විය.