Social Icons

facebookrss feedemailtwitter

Wednesday, March 7, 2018

සැත්කම් කළ හැකි රොබෝ

උරගයෙකු මෙන් බඩගා යා හැකි රොබෝවක් නිර්මාණය කිරීමට හාර්වඩ් සරසවියේ විද්‍යාඥයින් පිරිසක් සමත්ව තිබේ. සර්පයකුගේ චලනයට සමාන හැසිරීමක් දක්වන මෙම රොබෝ නිර්මාණය කිරීම සඳහා "ඔරිගමි" නිර්මාණ කලාවේ එක් ප්‍රබේදයක් වන "කිරිගමි" නමින් හඳුන්වනු ලබන කඩදාසි කැපීමේ කලාව විද්‍යාඥයින් උපයෝගී කරගෙන ඇති බව පැවසේ. සර්පයන්ට ඉදිරියට බඩගා යෑමට උපයෝගී වන ප්‍රතිචලිත සමේ චලනයට අනුරූපි වන අයුරින් කැපුම් සහිත ප්ලාස්ටික් මතුපිටක් ඇදෙන සුළු නළයක් වටා එතීම ඔස්සේ මෙම රොබෝව නිර්මාණය කිරීමට පර්යේෂකයින් කටයුතු කර ඇත.


අනාගතයේ දී මෙම රොබෝ සර්පයා මුදාගැනීමේ මෙහෙයුම් සඳහා යොදාගැනීමට හැකිවනු ඇති බවට ද හාවර්ඩ් සරසවියේ පර්යේෂකයෝ පවසති. එසේම ශල්‍යකර්ම ඇතුළු වෛද්‍ය විද්‍යාත්මක අරමුණු සාර්ථක කර ගැනීම සඳහා මෙම රොබෝ තාක්ෂණය උපයෝගී කර ගැනීමට ද විද්‍යාඥයින් ඉදිරියේදී බලාපොරොත්තු වේ. විශේෂයෙන්ම ලැපරොස්කොපික් සැත්කම් සඳහා මෙම රොබෝ තාක්ෂණය භාවිත කිරීමට හැකි වනු ඇතැයි, පැවසේ.