Social Icons

facebookrss feedemailtwitter

Wednesday, March 7, 2018

යුරෝපා සංගමය සමඟ වෙළඳ ගිවිසුමකට එළඹීමට අපේක්ෂා කරන බව බ්‍රිතාන්‍යය නිවේදනය කරයි

යුරෝපා සංගමය සමඟ ගැඹුරු ම හා පුළුල් ම වෙළඳ ගිවිසුමකට එළඹීම බ්‍රිතාන්‍යයේ අපේක්ෂාවකි. බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය Theresa May මහත්මිය පසුගියදා මේ බව ප්‍රකාශ කළාය. එම ගිවිසුම බ්‍රිතාන්‍යයේ රැකියා නියුක්තියට හානි සිදු නොවිය යුතු බව ඇය අවධාරණය කර තිබේ. බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් වීම පිළිබඳ පළමු වැනි සාකච්ඡා අදියර නිමාවට පත් වී තිබේ.


එළඹෙන සාකච්ඡා අදියරේදී යුරෝපා සංගමයෙන් බ්‍රිතාන්‍යය ඉවත් වූ පශ්චාත් යුගය අවධානයට ලක් වෙයි. යුරෝපා සංගමය බ්‍රිතාන්‍යයේ විශාලත ම වෙළඳ ගනුදෙනුකරුවෙකි. බ්‍රිතාන්‍ය යුරෝපා වෙළඳාම බ්‍රිතාන්‍යයේ විදේශ වෙළදාමෙන් භාගයක් පමණ ගනී.