Social Icons

facebookrss feedemailtwitter

Monday, March 5, 2018

එක්සත් ජාතීන්ගේ සම්බාධක නොතකමින් උතුරු කොරියාව භාවිත කරන ලද බැලැස්ටික් මිසයල සහ රසායනික අවි වැඩසටහන් සිරියාවට යවා ඇතැයි එක්සත් ජාතීන්ගේ විශේෂඥයෝ පවසති. මිසයිල තාක්ෂණවේදීන් ද උතුරු කොරියාවේ සිට සිරියාව වෙත ගොස් ඇතැයි ද තහනම් කරන ලද බැලැස්ටික් මිසයිල පද්ධති මියන්මාරයට ද ලබා දී ඇතැයි එක්සත් ජාතීන්ගේ විශේෂඥයෝ කියති. උතුරු කොරියාව වෙත පනවන ලද සම්බාධක සම්බන්ධයෙන් නිරීක්ෂණය කරන විශේෂඥ මණ්ඩලයක් විසින් මෙම කරුණු අනාවරණය කරගනු ලැබ තිබේ.


වසර 2012 සිට 2017 දක්වා කාලයේදී වාර්තා නොවූ අවස්ථා 40කදී තහනම් කරන ලද බැලැස්ටික් මිසයිල, වෙනත් අවි ආයුද යනාදිය උතුරු කොරියාවේ සිට සිරියාව වෙත නෞකා මගින් ගෙන ගොස් ඇතැයි එක්සත් ජාතීන්ගේ එම විශේෂඥ කමිටුව අනාවරණය කරගෙන තිබේ. 

බැලැස්ටික් මිසයිලවලට අමතරව උතුරු කොරියාවෙන් එවන ලද රොකට් විදින, ගොඩබිම සිට ගුවන විදින මිසයිල යනාදිය දක්වෙන මියන්මාර රිසිට් පතක් ද හමු වූ නම සඳහන් නොකළ එක්සත් ජාතීන්ගේ සාමාජික රාජ්‍යයක් ද තොරතුරු අනාවරණය කර තිබිණි. උතුරු කොරියාව එක්සත් ජාතීන්ගේ සම්බාධක නොතකමින් පසුගිය වසරේ මාස නවයකදී එක්සත් ජනපද ඩොලර් මිලියන 200කට ආසන්න ආයුද නීතිවිරෝධී ලෙස සිරියාවට සහ මියන්මාරයට අපනයනය කර ඇතැයි එක්සත් ජාතීන්ගේ විශේෂඥයන් තවදුරටත් අනාවරණය කරගෙන තිබේ.

එක්සත් ජාතීන්ගේ විශේෂඥයන් අනාවරණය කරගත් තොරතුරු දැක්වෙන වාර්තාවක් ආරක්ෂක කවුන්සිලයට ඉදිරිපත් කිරීමත් සමඟ එම කරුණු ප්‍රසිද්ධියට පත්විය.