Social Icons

facebookrss feedemailtwitter

Thursday, May 10, 2018

ගෙවුණු මාස 4 ට ඩෙංගු රෝගීන් 17, 500ක්

මේ වසරේ ගතවූ කාලය තුළ දිවයින පුරා ප්‍රදේශ ගණනාවකින් ඩෙංගු උණ රෝගීන් 17, 500 ක් පමණ වාර්තාවී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරයි. එම සංඛ්‍යාව ඉකුත් 2017 වසර හා සැසඳීමේදී සියයට 60 ක පමණ අඩුවීමකැයි ද ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරයි.

මෝසම් වැසි සමයත් සමඟ ඇති විය හැකි ඩෙංගු වසංගත තත්ත්වයන් වළක්වා ගැනීමේ අරමුණින් අද (10) සහ හෙට (11) දෙදින ඩෙංගු මර්දන වැඩසටහනක් බස්නාහිර හා සබරගමුව පළාත්වල ද මඩකළපුව දිස්ත්‍රික්කය තුළ ද ක්‍රියාත්මක කෙරෙන බව එම ඒකකය පවසයි.