Social Icons

facebookrss feedemailtwitter

Thursday, May 3, 2018

කැබිනට් සංශෝධනයේ පසු විපරම

කැබිනට් සංශෝධනයට අදාළ අමාත්‍යවරුන් පමණක් දිවුරුම් දිම සිදු කෙරුණු අතර සෙසු කැබිනට් අමාත්‍යධූර එලෙසම ක්‍රියාත්මක වේ. 47 දෙනකුගෙන් සමන්විත වු කැබිනට් මණ්ඩලය 42 දක්වා අඩුවී තිබීම විශේෂත්වයකි.



වර්තමාන ආණ්ඩුවේ හිටපු ඇමැතිවරයකු වූ විජේදාස රාජපක්ෂ මහතාට මෙම කැබිනට් සංශෝධනය යටතේ කැබිනට් ඇමැති ධුරයක් හිමිවී තිබේ. පසුගිය කැබිනට් සංශෝධනයෙන් කබිර් හෂීම් මහතාට හිමි වු උසස් අධ්‍යාපන ඇමැති ධුරය විජේදාස රාජපක්ෂ මහතාට ලබා දී ඇත. කබීර් හෂීම් මහතා මහා මාර්ග සහ මාර්ග සංවර්ධන අමාත්‍යවරයා ලෙස දිව්රුම් දුන්නේය. මෙතක් කල් දුමින්ද දිසානායක මහතා දැරූ කෘෂිකර්ම ඇමැති ධුරය මහින්ද අමරවිර මහතාට හිමි වී ඇති අතර අමරවිර මහතා දැරූ ධීවර හා ජල සම්පත් අමාත්‍ය ධූරය හිමිවී ඇත්තේ විජිත් විජිතමුණි ද සොයිසා මහතාටය. විජිත් විජයමුණි ද සොයිසා මහතා දැරූ වාරිමාර්ග සහ ජල සම්පත් ඇමැති ධුරය දුමින්ද දිසානායක මහතාට හිමිවී තිබේ.

පි. හැරිසන් මහතා දැරූ ග්‍රාමිය ආර්ථික පිළිබඳ ඇමැති ධුරයද හිමිවී ඇත්තේ සොයිසා මහතාටය. හැරිසන් මහතාට සමාජ සවිබල ගැන්වීම් ඇමති ධුරය හිමි විය. තලතා අතුකොරල මහත්මියට අධිකරණ ඇමැති ධුරයට අමතරව බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමැති ධුරය ද හිමිවී තිබේ.


බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමැති ධුරය කලින් දැරූ ඩි.එම්.ස්වාමිනාදන් මහතාට ඔහු දරන සෙසු විෂයයන්ට අමතරව උතුරු සංවර්ධන විෂයය හිමි වී තිබේ. ක්‍රීඩා අමාත්‍ය ධූරය හිමිව ඇත්තේ ෆයිසර මුස්තාපා මහතාටය. දයා ගමගේ මහතාට ප්‍රාථමික කර්මාන්ත ඇමැතිධුරයට අමතරව සමාජ සුබ සාධන විෂයය හිමි වී තිබේ. ප්‍රාදේශීය සංවර්ධන ඇමැති ධුරය දැරූ සරත් ෆොන්සේකා මහතාට ඊට අමතරව රවීන්ද්‍ර සමරවිර මහතා දැරූ තිරසර සංවර්ධන සහ වනජිවී ඇමැති ධුරය හිමි විය. රවීන්ද්‍ර සමරවීර මහතාට කම්කරු හා වෘත්තිය සමිති සබඳතා ඇමැති ධුරය හිමිවී තිබේ.