Social Icons

facebookrss feedemailtwitter

Sunday, May 6, 2018

ඇබා සංගීත කණ්ඩායම යළිත් කරළියට

ජනප්‍රිය පොප් සංගීතයේ ආරම්භක සංගීත කණ්ඩායමක් වූ ගායක - ගායිකා යුගල දෙකකින් සමන්විත ස්වීඩනයේ ඇබා සංගීත කණ්ඩායම යළි ප්‍රසිද්ධ වේදිකාවේ දකින්න හැකිය.

70 සහ 80 දශකවල ජනප්‍රියතම සංගීත කණ්ඩායමක් වූ ඔවුන් අවසන් ගීතය පටිගත කර තිබුණේ 1982 වසරේදියි. ඔවුන් නැවතත් එක්වී නව ගීත 02ක් එළිදක්වා ඇති බව වාර්තා වේ.


බටහිර සංගීතයට සිදුකළ සේවාව වෙනුවෙන් ස්වීඩනයේ ඇබා කෞතුකාගාරයක් ද ඉදිකර තිබේ. ඔවුන්ගේ ගී තැටි මිලියන 400කට අධික සංඛ්‍යාවක් ලොව පුරා අලෙවි වීම නිසා සංගීත ලෝලීන් විශාල පිරිසක් ඔවුන්ට ආදරය කළ බව එයින්ම ගම්‍ය වේ‍. වසර 35 කට පසු තමන් සංගීත සවාරියකට සූදානම් බව ඉන්සටර්ග්‍රෑම් පණිවුඩයක් නිකුත් කරමින් ඇබා සංගීත කණ්ඩායම සඳහන් කර ඇති බව පැවසේ.