Social Icons

facebookrss feedemailtwitter

Sunday, May 6, 2018

නොබෙල් සාහිත්‍ය සම්මානය මෙවර නොපැවැත්වේ

2018 වසර සඳහා සාහිත්‍යය වෙනුවෙන් නොබෙල් සම්මානයක් පිරිනැමීම සිදු නොවන බව නොබෙල් කමිටුව නිවේදනය කර ඇත. සාහිත්‍ය වෙනුවෙන් නොබෙල් ත්‍යාග පිරිනැමීම සිදුවන්නේ ස්වීඩන විද්වත් මඬුල්ලක් හරහාය.

සුදුසුස්සන් තේරීම සිදු කරන්නේ මෙම විද්වත් මණ්ඩලය විසිනි. මෙම විද්වත් මණ්ඩලයේ කිහිපදෙනකු හදිසියේ ඉල්ලා අස්වී තිබේ. ඒ, ඔවුන්ට ලිංගික අපහරණ චෝදනා එල්ල වී ඇති නිසාය. මේ හේතුව නිසා එම මණ්ඩලය කෙරෙහි ජනතා අප්‍රසාදයක් හටගෙන ඇති හෙයින් සාහිත්‍ය සම්මානය මෙවර ලබා නොදෙන බව පැවසේ. මේ අතර, 2019 වසරේ දී, සාහිත්‍ය වෙනුවෙන් නොබෙල් සම්මාන දෙකක් පිරිනැමීමට කටයුතු කරන බව ද නොබෙල් කමිටුව දන්වා තිබේ.