Social Icons

facebookrss feedemailtwitter

Wednesday, May 2, 2018

පලස්තීන ප්‍රශ්ණය විසඳීමට චීනයේ සහය

දේශපාලනයෙන් පලස්තීන අර්බුධය විසඳීම ඉදිරියට ගෙන යා යුතු බව චීනය පවසයි. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ චීන නියෝජිත Ma Chaoxu මහතා ආරක්ෂක මණ්ඩලයේ මැද පෙරදිග ගැටලුව පිළිබද සම්බන්ධ සාකච්ඡවේදී මේ බව පැවසීය. පලස්තීන අර්බුධය මැද පෙරදිග ප්‍රශ්ණය කේන්ද්‍රය වේ.

පලස්තීන අර්බුධය සම්පූර්ණයෙන්ම විසඳීමෙන් පසු මැද පෙරදිග පවතින තත්ත්වය සමනය විය හැකිය. 1967 වසරේ දේශ සීමාව පදනම් කර ගනිමින් නැගෙනහිර ජෙරුසලම අගනුවර ලෙසත්, ස්වාධිපත්‍යය හා ස්වාධීනත්වයක් සහිත පලස්තීනයක් ස්ථාපිත කිරීම සඳහාත් චීනය ස්ථීර ලෙස පලස්තීන ජනතාවට සහය දෙන බව හෙතෙම සඳහන් කළේය.