Social Icons

facebookrss feedemailtwitter

Wednesday, May 2, 2018

ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන ගැන නව එකඟතාවයකට සැරසෙයි

ඉරාන න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් නව එකඟතාවකට පැමිණෙන බව ප්‍රංශ සහ අමෙරිකානු ජනාධිපතිවරුන් පවසයි. ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන්ගේ අමෙරිකානු සංචාරය අතරතුර මෙම අදහස් පළ විය.

ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන සහ මැදපෙරදිග කලාපය තුළ ඔවුන්ගේ භූමිකාව පිළිබඳව නව එකඟතාවයකට පැමිණිය යුතුව ඇති බව ජනාධිපති මැක්‍රොන් එහිදී ප්‍රකාශ කළේය. පවතින ගැටළුව සම්බන්ධයෙන් වෙනත් විසඳුමක් නොමැති බවද ඔහු පවසා තිබේ.