Social Icons

facebookrss feedemailtwitter

Tuesday, May 8, 2018

ලෝක තැලසීමියා දිනය අදයි

ලෝක තැලසීමියා දිනය මැයි (08) වැනි දිනට යෙදි ඇත‍. තැලසීමියා රෝගය තුරන් කිරිම සඳහා වැඩසටහන් රැසක් ඉදිරියේ දි ක්‍රියාත්මක කිරිමට යෝජනා වි ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකයේ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය කපිල පියසේන සඳහන් කරයි.

තැලසීමියා රෝගය හේතුවෙන් ඒ සඳහා ප්‍රතිකාර කිරිමට රජයට විශාල පිරිවැයක් යෙදිමට සිදු වෙයි. එක් රෝගීයෙක් වෙනුවෙන් රජය රුපියල් මිලියන 10ක් පමණ මුදලක් වැය කරන බවත් වාර්ෂිකව සෞඛ්‍ය දෙපාර්තමේන්තුව 5%ක ප්‍රමාණයක් තැලසිමියා රෝගීන් සඳහා වැය වන බවත් වෛද්‍ය කපිල පියසේන පවසයි. තැලසීමියා රෝගී තත්ත්වය සමාජයේ පවුල් ඒකකවල ආර්ථික තත්ත්වයට සෘජුවම බලපායි.



සමාජ මත යැපෙන පුද්ගලයින් මත යැපෙන මෙම දරුවන් ඉතා අඩු ආයුෂ කාලයක් දි මරණයට පත්වේ. තැලසීමියා යනු රුධිරයේ රතු රුධිරාණුවල අඩංගු හිමොග්ලෝබින් අණුවේ ව්‍යුහයේ ඇති අසාමාන්‍යතාවයක් හේතුවෙන් ඇතිවන බෝ නොවන රෝගයකි. ශ්‍රි ලංකාවේ තැලසිමියා රෝගීන් සෑම ප්‍රදේශයකින්ම වාර්තා වේ.

නමුත් වැඩි වශයෙන් රෝගින් වාර්තා වන්නේ උතුරු මැද, මධ්‍යම, ඌව, වයඹ යන පළාත් වලිනි. මේ වන විට නිරන්තරයෙන් රෝහල් වලින් ප්‍රතිකාර ලබා ගන්නා රෝගින් සංඛ්‍යාව 1500 - 2000 අතර වන බවත් ලංකාවේ ජනගහනයෙන් 4%ක ප්‍රමාණයක් තැලසිමියා රෝග වාහකයින් වශයෙන් අනුමාන කර ඇති බවත් වෛද්‍ය කපිල පියසේන මහතා සඳහන් කරයි. තැලසිමියා රෝග වාහකයන් දෙදෙනෙක් අතර විවාහයෙන් ලැබෙන දරුවන් ගෙන් 25% රෝගය වැළදිමේ අවදානමක් පවතී. රෝගය වළක්වා ගැනීමට නම් එවැනි වාහකයින් අතර, විවාහයන් වළක්වා ගත යුතු බව ද වෛද්‍ය කපිල පියසේන වැඩි දුරටත් සඳහන් කළේය.