Social Icons

facebookrss feedemailtwitter

Tuesday, May 8, 2018

බ්‍රිතාන්‍යය ඇමරිකානු ජනාධිපතිට බලපෑම් කරයි

ඉරානය සහ ඇමරිකාව අතර පවතින න්‍යෂ්ටික ගිවිසුම අත් නොහරින්නැයි බ්‍රිතාන්‍ය විදේශ අමාත්‍ය බොරිස් ජොන්සන් මහතා ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් ඉල්ලීමක් කර ඇත.

එම ගිවිසුම අත්හැරියහොත් ඇමරිකාවට විවිධ ගැටලූවලට මුහුණදීමට සිදුවනු ඇති බව එංගලන්ත විදේශ අමාත්‍ය බොරිස් ජොන්සන් පවසා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මීට පෙර ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් න්‍යෂ්ටික ගිවිසුම අත්හරින බවට ප්‍රකාශ කර තිබිණ. කෙසේ වෙතත්, එම ගිවිසුම අත්හැරියහොත් ඉරානයට පවතින සම්බාධක වැඩිවීමේ ප්‍රවණතාවයක් ඇති වන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.