රාජ්‍යද්‍රෝහී චෝදනා මත උතුරු කොරියා රජය විසින් අත්අඩංගුවට ගෙන සිරගත කරනු ලැබ සිටි, කොරියා සම්භවයක් සහිත ඇමෙරිකානුවන් තිදෙනකුට නිදහස හිමිවිය.
ඒ, උතුරු කොරියාව මේ වනවිට ලෝකයට සෙමින් සෙමින් විවෘත වීමට පටන් ගෙන ඇති නිසාත්, ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ට්‍රම්ප් සහ උතුරු කොරියා නායක කිම් ජොන් උන් හමුව වෙනුවෙන් හොඳහිත පෑමක් ලෙසිනි.
නිදහස ලැබූ කොරියානු සම්භවයක් සහිත ඇමෙරිකානුවන් තිදෙනා වොෂින්ටනයේ ඇන්ඩෲස් ගුවන් කඳවුරට ගෙන එනු ලැබුවේ විශේෂ හමුදා යානයකිනි. නිදහස ලැබුවේ කිම් හක් සොංග්, ටෝනි කිම් සහ කිම් ඩොංග් චුල් යන තිදෙනාය.
ඔවුන් පිළිගැනීමට ඇමෙරිකා ජනාධිපති ට්‍රම්ප් එතැනට ගොස් සිටියේය. එම අවස්ථාවට ජනපති ආර්යාව මෙලානියා ද එක් වූවාය.