Social Icons

facebookrss feedemailtwitter

Sunday, September 16, 2018

නිදහස් සැමරුම සංවිධානයට අගමැති ප්‍රධානත්වයෙන් කමිටුවක්

මෙරට 71 වැනි නිදහස් දින උළෙලෙහි කටයුතු සංවිධානය කිරීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සභාපතීත්වයෙන් යුත් අනුකමිටුවක් පත්කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී වේ.

ජාතික සෞඛ්‍ය පර්යේෂණ සභාවක් පිහිටු වීමට තීරණයක්

ජාතික සෞඛ්‍ය පර්යේෂණ සභාවක් ස්ථාපිත කිරීමට තීරණය කර ඇති බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි. ඒ සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී ඇති බව වාර්තා වේ.

වරාය නගරයේ සමුද්‍රික ඉදිකිරීම් ලබන වසරේ මැද අවසන්

කොළඹ වරාය නගරයේ සාමුද්‍රික ඉදිකිරීම් ලබන වසරේ මැද භාගය වනවිට අවසන් කිරීමට හැකිවන බව ඉදිකිරීම් භාරව කටයුතු සිදු කරන චයිනා හාබර් ඉංජිනියරින් සමාගම පවසයි.

“මැන්කට්” සුළි සුළඟින් රටවල් රැසකට බලපෑම්

මේ වසරේ ප්‍රබලතම සුළි කුණාටුව “මැන්කට්” මේ වන විට පැයට කිලෝමීටර් 255ක වේගයකින් පිලිපීනය හරහා හමායයි.

ඉන්දියාව මානව හිමිකම් මණ්ඩලයේදී චීනයටත් - පාකිස්ථානයටත් එරෙහිව හඩ නඟයි

“චීනයේ එක් තීරයක් - එක් මාවතක්” ව්‍යාපෘතියට අදාළව චීනය සහ පාකිස්තානය අතර ඉදිකෙරෙන ආර්ථික වේදිකාව සිය රටේ ස්වෛරීභාවට සහ භෞමික අඛණ්ඩතාවට තර්ජනයක් බව ඉන්දියාව සඳහන් කරයි.

ධ්‍රැව අයිස් මැනීමට අභ්‍යාවකාශයට ලේසර් චන්ද්‍රිකාවක්

ධ්‍රැව ප්‍රදේශ ඇතුළු මිහිතලයේ අයිස් ආවරණයට සිදුවන හානිය පිළිබඳ සෙවීමට පෘථිවියට ලේසර් කිරණ යොමු කරන චන්ද්‍රිකාවක් උඩු ගුවනට යැවීමට ඇමරිකාව සැරසේ.

ලෝකය නැවත වරක් මූල්‍ය අර්බුදයක බව බ්‍රිතාන්‍යයේ හිටපු අගමැති පවසයි

ලෝකය නැවත වරක් මූල්‍ය අර්බුදයකට යමින් සිටින බවට බ්‍රිතාන්‍යයේ හිටපු අග්‍රාමාත්‍ය ගෝඞ්න් බ්‍රවුන් අනතුරු ඇඟවීය.

අර්තාපල් නිෂ්පාදනය 80% කින් ඉහළ නැංවීමට ඉන්දීය සමාගමක සහය

ශ්‍රී ලංකාවේ අර්තාපල් නිෂ්පාදනය 80% කින් ඉහළ නැංවීම සඳහා නව තාක්ෂණය හඳුන්වාදීමට ඉන්දීය සමාගමක් එකඟතාව පළ කරයි.

වයඹ දිග සිරියාවේ 30, 000ක් සති නිවෙස් අතහැර පළායයි

සිරියා රජයේ හමුදා සහ සන්නද්ධ කණ්ඩායම් එල්ල කරන ප්‍රහාර හේතුවෙන් වයඹදිග සිරියාවේ තිස්දහසකට වැඩි පිරිසක් පසුගිය සති කිහිපයේ දී එම ප්‍රදේශ වලින් ඉවත්ව ගොස් ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.

ඉතියෝපියා - එරිත්‍රියානුයානු දේශ සීමා විවෘත වේ

ඉතියෝපියා හා එරිත්‍රියානු යුද්ධ හේතුවෙන් 1998 මැයි මාසයේ දී වසා දැමුණු  දෙරටේ දේශ සීමාව වසර 20 කට පසුව  යළි විවෘත කිරීමට දෙරටේ රාජ්‍ය නායකයෝ එකඟතාවයකට පැමිණියහ.

Friday, September 14, 2018

දකුණු කොරියාවත් ශ්‍රී ලංකාවත් අතර තාක්‍ෂණික අත්දැකීම් හුවමාරු වැඩපිළිවෙළක්

දකුණු කොරියාව සතු කර්මාන්ත හා ව්‍යාපාර අංශයේ තාක්‍ෂණික අත්දැකීම් ශ්‍රී ලංකාව ඇතුළු ආසියානු රටවල් සමග හුවමාරු කිරීමේ වැඩපිළිවෙළක් ඇරඹේ.

සංවර්ධන ව්‍යාපෘති සඳහා පෞද්ගලික අයෝජන එක්රැස් කර ගත යුතු බව අගමැති පවසයි

අනාගත සංවර්ධන ව්‍යාපෘති සඳහා රාජ්‍ය ආයෝජන ප්‍රමාණවත් නොවන නිසා පෞද්ගලික ආයෝජන ඒ සඳහා එක්රැස් කර ගැනීම අත්‍යාවශ්‍ය සාධකයක් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අවධාරණය කරයි.

මිචෙල් බැචලට්ගෙන් පැසසුම්

අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලය ස්ථාපනය ගැන මානව හිමිකම් මහකොමසාරිස්වරියගෙන් ඇගයීමක්.

සූර්යබල සංග්‍රාමයට ඩොලර් මිලියන 50ක්

නිවෙස මත සූර්ය විදුලි පරිපථ ඉදිකිරීම සදහා ආසියානු සංවර්ධන බැංකුව යටතේ ඩොලර් මිලියන 50ක ණය සහනාධාර ලබාගැනීමට කැබිනට් අනුමැතිය ලැබුණු බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කර සිටී.

දුම්රිය ගාස්තුත් 1 වැනි දා සිට ඉහළට

දුම්රිය ප්‍රවේශපත්‍ර ගාස්තු ලබන 1 වැනි දා සිට වැඩිකිරීමට තීරණය කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

රුසියාව දැවැන්ත යුද අභ්‍යාසයක

රුසියාව චීනය සමඟ එක්ව දැවැන්ත යුද අභ්‍යාසයක් ඇරඹීය. චීන සොල්දාදුවන්ගේ ද සහභාගීත්වයෙන් ආරම්භ වූ මෙම යුද අභ්‍යාසයට රුසියානු සොල්දාදුවන් දහස් ගණනකට වැඩි පිරිසක් සහභාගී වූහ.

ත්‍රස්තවාදය වැළැක්වීමට අලුතෙන් පනතක්

දැනට ක්‍රියාත්මක ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කර ත්‍රස්තවාදය වැළැක්වීමේ නව පනතක් ගෙන ඒමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වේ.

මිහිතලය අසාමාන්‍ය ලෙස උණුසුම් වෙයි

මෙම වසරේ අවසන් කාලසිමාවේදී එල්නිනෝ කාලගුණ තත්ත්වයක් ඇතිවන බව ලෝක කාලගුණ විද්‍යා සංවිධානය සදහන් කරයි.

බිම් බෝම්බ ඉවත් කිරීමට ජපානයෙන් ලක්ෂ 1,940ක ආධාර

ශ්‍රී ලංකාව බිම් බෝම්බ වලින් තොර රටක් බවට පත්කිරීමේ අරමුණින් උතුරු පළාතේ ක්‍රියාත්මක බිම් බෝම්බ ඉවත් කිරීමේ මානුෂීය මෙහෙයුම සඳහා අමෙරිකානු ඩොලර් 1,249,997 ආධාරයක් ලබාදීමට ජපාන රජය තීරණය කරයි.

පාසැල් ප්‍රවාහන ගාස්තු ඉහළට

ඉන්ධන මිල වැඩිවීම හේතුවෙන් පාසල් ප්‍රවාහන සේවා ගාස්තු 5%කින් වැඩි කිරීමට සමස්ත ලංකා පාසැල් සිසුන් ප්‍රවාහනය කිරීමේ සංගමය තීරණය කර ඇත.