Social Icons

facebookrss feedemailtwitter

Sunday, September 16, 2018

ජාතික සෞඛ්‍ය පර්යේෂණ සභාවක් පිහිටු වීමට තීරණයක්

ජාතික සෞඛ්‍ය පර්යේෂණ සභාවක් ස්ථාපිත කිරීමට තීරණය කර ඇති බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි. ඒ සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී ඇති බව වාර්තා වේ.

සෞඛ්‍ය පර්යේෂණ, නියාමනය, සම්බන්ධීකරණය, අධීක්ෂණය, සංවර්ධනය සහ කළමණාකරණය කිරීම සඳහා ජාතික මට්ටමේ සෞඛ්‍ය පර්යේෂණ සභාවක් ස්ථාපිත කිරීමට සෞඛ්‍ය අමාත්‍යවරයා බලාපොරොත්තු වේ. ශ්‍රි ලංකාවේ සෞඛ්‍ය පර්යේෂණ කේෂ්ත්‍රය වැඩිදියුණු කළ යුතුය. නීති කෙටුම්පත් සම්පාදකවරයාගේ උපදෙස් මත සකස් කරන වත්මන් කෙටුම්පතට අනුව මෙම සභාව සඳහා පත් කරනු ලබන සාමාජිකයින්ගේ සංඛ්‍යාව 05 කි. ඉදිරියේ දී පනත් කෙටුම්පත අතිවිශේෂ ගැසට් පත්‍රයක් මඟින් ප්‍රකාශයට පත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යවරයා බලාපොරොත්තු වේ.