Social Icons

facebookrss feedemailtwitter

Sunday, September 16, 2018

අර්තාපල් නිෂ්පාදනය 80% කින් ඉහළ නැංවීමට ඉන්දීය සමාගමක සහය

ශ්‍රී ලංකාවේ අර්තාපල් නිෂ්පාදනය 80% කින් ඉහළ නැංවීම සඳහා නව තාක්ෂණය හඳුන්වාදීමට ඉන්දීය සමාගමක් එකඟතාව පළ කරයි.

ශ්‍රී ලංකාවේ දැනට හෙක්ටයාරයකින් ලබා ගන්නා අස්වනු ප්‍රමාණය මෙ.ටො. 4ක් පමණ වේ. නමුත් හෙක්ටයාර 01 කින් ලබාගන්නා අර්තාපල් අස්වනු ප්‍රමාණය මෙ.ටො. 13 දක්වා ඉහළ නැංවිය හැකි නව තාක්ෂණය සහ අර්තාපල් ප්‍රභේද හඳුන්වා දීමට ප්‍රමුඛ ඉන්දීය සමාගමක් වන BVG India සමාගම එකඟතාව පළ කළේය.